Language Switcher

V2025

රනිල් ෆයිනල් එයි !

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර ඊයේ (15) දින කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවැති 75 වන බ්‍රැඩ්බි පළිහ වාර්ෂික රග්බි තරගය නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගී වූ අවස්ථාව.

එම අවස්ථාවට විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ඩී.එම්. ස්වාමීනාදන් ප්‍රමුඛ රාජකීය විද්‍යාලයේ සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිවරුන් ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

macht royal