V2025

පුවත්

සෑම ශ්‍රී ලාංකිකයෙකුටම යහපත් හෙටක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි - ඇමති රවී

"චීනය සමඟ අප රටේ සංස්කෘතික සබඳතා සියවස් හතරකට වඩා පැරණියි. නමුත් ශ්‍රී ලංකාව සහ චීනයේ කාර්යභාරය වර්තමානයේ වෙළඳාමට පමණක් සීමාවෙලා. ශ්‍රී ලංකාවේ භූ දර්ශනය සහ භූගෝලීය වෙනස, විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීම සදහා විශාල පිටිවහලක්. චීනය හා ශ්‍රී ලංකාව අතර වෙළඳාම සහ ආයෝඡනය ප්‍රවර්ධනය කිරීමේ දී වාණිජ මණ්ඩලය විසින් වසර දාහතරක් පුරා ඉටු කරනු ලබන කාර්යභාරය, ප්‍රශංසා කළ යුතුයි. ශ්‍රී ලංකා චීන වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සෘජු මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතනය, ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ, ශ්‍රී ලාංකික ප්‍රජාවගේ චීන භාෂා ප්‍රවීණතාව වර්ධනය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අදහස් කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය තුළින් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම යහපත් හෙටක් නිර්මාණය කිරීමයි අපගේ අරමුණ" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අම්‍යතය රවී තරුණානායක අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, පසුගියදා, කොළඹ 07, කිංස්බරි හෝටලයේ පැවති ශ්‍රී ලංකා - චීන ද්වීපාර්ශික සබදතා තහවුරු කරමින් ශ්‍රී ලාංකික රැකියා විරහිත උපාධිධාරීන්, රාජ්‍ය සේවකයින්, පුද්ගලික සේවා නියුක්තිකයන්, සංචාරක උපදේශකයන්ගේ චීන භාෂා දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණෙන්, රාජ්‍ය වෘත්තිකයන්ගේ මාර්ගෝපදේශන ආයතනය මගින් ක්‍රියාත්මක කෙරෙන, රැකියා නියුක්ති කුසලතා සහ තරුණ අභිවෘද්ධි 2023-2019 වැඩසටහනේ සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක,

පසුගිය වසර දහය තුළ ශ්‍රී ලංකාවේ චීන ආයෝජනය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති අතර එය කලාපයේ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතිනවා. චීන සෘජු විදේශීය ආයෝජන බොහෝ දුරට යොමු වූයේ ප්‍රවාහන, විදුලිබල, බලශක්ති ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහායි. වඩාත්ම වැදගත් වන්නේ ඉන්දියන් සාගර කලාපයේ මූල්‍ය හා මෙහෙයුම් කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ ශ්‍රී ලංකාවේ අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර වරාය නගර ව්‍යාපෘතිය ඉදිකිරීමයි.

ශ්‍රී ලංකාවේ බලශක්ති උත්පාදනයට අදාළව චීන සම්භවයක් ඇති නොරොච්චෝල බලාගාර ව්‍යාපෘතිය ඉතාමත් වැදගත් චීන අයෝජනයක්. ඒ තුළින් සමස්ත ශ්‍රී ලංකාව සඳහා විදුලිය ලබාදීමේ කර්තව්‍යයට විශාල රුකුලක් ලැබීම අප ලද ජයග්‍රහණයක්. විශාල වශයෙන් ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා චීන ව්‍යාපෘති වලට අනුග්‍රහය දැක්වීමට ලැබීම ගැන මා ආඩම්බර වෙනවා. කෙසේවෙතත්, මගේ අවධානය විශේෂ වශයෙන් යොමු වන්නේ, හිරු එළිය සහ සුළං බලය ආදි පුනර්ජනනීය ප්‍රභවයන් පිළිබදවයි. චීන ජනරජයට මේ සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව මම විශ්වාස කරනවා. ඔබගේ අභිමතය පරිදි, ඔබගේ වාණිජමය අභිමතාර්ථය ඉටු කර ගැනීමත්, චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය තහවුරු කිරීම සදහාත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන්හි ආයෝජනයන් සදහා ඔබ සම්බන්ධ කරගැනීමට මම බලාපොරොත්තු වෙනවා.

චීන භාෂාව කතා කරන බලකායක් ශ්‍රී ලංකාව තුල ජනිත කිරීම සඳහා සැලැස්මක් සකස් කිරීම ඉතාමත් වැදගත් ක්‍රියාවලියක් තුළින් අපගේ පවත්නා සහ අපේක්ෂිත ව්‍යාපෘති දියත් කිරීම වඩාත් පහසු වෙනවා මෙන්ම දෙරට අතර ආයෝජනයන් විශාල වශයෙන් ව්‍යාප්ත කල හැකියි. චීන භාෂා පරිවර්ථකවරුන්, ඉංග්‍රීසි චීන ගුරුවරු ලෙස රැකියා ලබා දීම සඳහා උපාධිධාරීන් පුහුණු කිරීමේ සැලසුමක් මෙන්ම චීන සමාගම් හා සංවිධාන සමඟ සේවයේ යෙදවීමට ශ්‍රී ලාංකික තරුණ පිරිස් පුහුණු කිරීම මෙම ව්‍යාපෘතියේ මුඛ්‍ය පරමාර්තයයි. එමගින් මෙරට ආර්ථිකයේ යහපත සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරන අතර විදේශ රැකියා අවස්ථා ද විවර වෙන බව මාගේ විශ්වාසයයි"

Comment (0) Hits: 346

රජය - පෞද්ගලික අංශය හවුල් : මහා පරිමාණ ව්‍යාපෘති 35 ක් සූදානම් !

පෞද්ගලික අංශය හවුල් කරගත් මහා පරිමාණ ව්‍යාපෘති 35ක් දියත් කිරීම සඳහා අදාළ සැලසුම් මේ වන විට සකස් කොට අවසන් බව රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික නියෝජිතායතනයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ තිලාන් විජේසිංහ පවසයි.

මෙම ව්‍යාපෘති 35 අතර පෑලියගොඩ අලුතින් ඉදි වන පාලමේ සිට රාජගිරිය දක්වා දිවෙන කුලුනු මත ඉදිවෙන අධිවේගී මාර්ගය, මහනුවර ගොහාගොඩ කුණු කන්ද ආශ්‍රිත විදුලි බලාගාරය, සූර්ය බල විදුලි ව්‍යාපෘති ඇතුළු විදුලි ජනන ව්‍යාපෘති කිහිපයක්, දේද්දූව සංචාරක කලාපයක් ද ඇතුළත් වන බවද  රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික නියෝජිතායතනයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ තිලාන් විජේසිංහ  සඳහන් කර සිටියි. 

Comment (0) Hits: 528

ගෝඨා ෆැසිස්ට්වාදී වියත් මඟින් ඉවත් වෙන්න - ඩිලාන් (වීඩියෝ)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවාගෙන ඇති 'වියත් මග' සංවිධානය ෆැසිස්ට් අදහස් දොඩවන වේදිකාවක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළිගන්නා මන්ත්‍රීවරුන්ගේ හෙලා දැකීමට ලක් වී තිබේ.

එම වේදිකාවේ කතා පවත්වන හිටපු හමුදා නිලධාරීන්ගෙන් ප්‍රවේසම් වන ලෙස ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරයකු ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාට අනතුරු අඟවා සිටී.

“සරත් වීරසේකර මැතිතුමාලා අර කමල් ගුණරත්න වගේ මහත්වරු ඒ වේදිකාවේ දොඩවන ඒ ෆැසිස්ට් ආකාරයේ අදහස් එක්ක දෙමළ මුස්ලිම් ඡන්ද ආකර්ෂණය කරගන්න බෑ,” යි ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජය ගැනීමේ බලාපොරොත්තුවක් ඇතිනම් පොහොට්ටුව සතු ඡන්ද ප්‍රමාණවත් නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 

Comment (0) Hits: 439

ඡන්දය දෙන්න වගේම නොදෙන්නත් ජනතාවට අයිතිය තිබෙනවා - පුබුදු ජයගොඩ

තැපැල් ඡන්දය භාවිතා නොකරන ලද රජයේ සේවකයන්ගෙන් රු.750ක් අය කිරීමට ප්‍රකාශ කිරීම ඒ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් ඡන්දය භාවිතා කිරීමට  මෙන්ම  ඡන්දය භාවිතා නොකිරීමටත් ජනතාවට අයිතියක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. 
 
ඊයේ(05) පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් මේ බව සඳහන් කර තිබුණි. 
 
පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් පැවසුවේ, 
 
මැතිවරණ කොමිස‍මේ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍ර විරෝධීයි 
 
ඡන්දය පාවිච්චි නොකරන අය දෙපිරිසක් ඉන්නවා. සමහරු ඡන්දය පාවිච්චි නොකරන්නේ දේශපාලනය ගැන උනන්දුවක් නැති නිසයි. ඒත් තවත් සමහරු නිශ්චිතවම ඡන්දය පාවිච්චි නොකරන්නේ දේශපාලන මතයක් ප්‍රකාශ කරන්නයි. රටේ පුරවැසියන්ට තම දේශපාලන මතය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවක නිරතවීමේ අයිතියක් තියෙනවා. ඒ නිසා මැතිවරණ කොමිස‍මේ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනාවක්.  එසේ සිදු කිරීමට ලංකාවේ නීතියේ කිසිදු ප්‍රතිපාදනයක් නෑ. එලෙස නීති නොමැතිව, කොමිසමේ නිළධාරීන් ඔවුන්ගේ හිතුමනාපෙට ඡන්දදායකයින්ගේ හෝ රටේ පුරවැසියන් සම්බන්ධ, ප්‍රජාතාන්ත්‍රික අයිතීන් පිළිබදව තීරණය කරන්නේ කෙසේද? මැතිවරණ පනතට වඩා ඉහළින් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතාවට උද්ඝෝෂණය කිරීමට හා තම මතය ප්‍රකාශ කිරීමට අයිතියක් තියෙනවා කියලා සදහන් වෙනවා. 
 
දඩ ගැසීම සිදු කරන්නේ තැපැල් ඡන්ද දාන දින 4න් පළමු දින 3දී එතරම් ඡන්ද ප්‍රකාශයට පත් නොවුණු නිසයි. ජනතාව රටේ දේශපාලනය ගැන බලවත්ව කළකිරීම නිසා තර්ජනය කිරීමෙන් අවසාන දවසට ගෙන්වා ගන්නයි එලෙස දඩ ගැසීමක් සිදු කළේ. මේක නිශ්චිතවම ඡන්ද දායකයින්ට කරපු බලපෑමක්.
 
 ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණයට  පමණක් සීමා නොවේ
 
ළගදී එන මැතිවරණය නිසා කියලා ආණ්ඩුව වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බදවා ගැනීමේ අවම ප්‍රමිතිය ගැසට් නොකර හිටියේ නෑ. ඒ ගැසට් පත්‍රය නිකුත් කළා. නමුත් ඊට විරුද්ධව සටන් කරන බලවේග සදහා උද්ඝෝෂණ කිරීම තහනම් කරනවා මැතිවරණය කඩාකප්පල් වෙනවා කියලා. මැතිවරණ කොමිසම හිතාගෙන ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මැතිවරණයට පමණක් සීමාවෙන, එක ස්වරයක් පමණක් නාද වෙන ඒකාකාර වාදනයක් කියලා. අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය එහෙම එකක් නෙවෙයි, ඒ ස්වරයත් තියෙන, තව ස්වර ගොඩක් එකතු වෙලා හැදුණු සංගීත සංධ්වනියක් කියලා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණයකදී ඡන්දය දැමීමට සීමා කරන්න බෑ.
Comment (0) Hits: 548

Subcategories