ඩබල් කැබ් දේශපාලනයේ ඉතිහාසය | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර

ඩබල් කැබ් දේශපාලනයේ ඉතිහාසය | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අයවැය කතාවේ විශේෂ අංගයක් වූයේ මන්ත්‍රීවරුන්ට නව ඩබල් කැබ් ලබාදීමත්, කිසිසේත් වාහන බලපත්‍ර ලබා නොදෙන බව ප්‍රකාශ කිරීමත්ය.


මේ ආණ්ඩුව වැඩ පටන් ගත්තේ සුඛෝපභෝගී වාහන ජනාධිපති කාර්යාලයේ ප්‍රදර්ශනය කොට ඒවා අලෙවි කිරීමෙනි. කෙසේ නමුත් මෙවැනි සංදර්ශනයක් ඉදිරිපත් කළ ප්‍රථම සහ එකම දේශපාලනඥයා අනුර ජනාධිපතිතුමා පමණක් නොවේ.

1994 අගෝස්තු මස පැවැති පාර්ලිමේන්තු මැතිවරණය වසර දහ හතකට පසු ජය ගැනීමෙන් පසු බිහි වූ පොදු ජන එක්සත් පෙරමුණ රජයේ ස්වදේශ කටයුතු, පළාත් සභා හා සමූපාකාර අමාත්‍ය ධූරය හිමි වූයේ අමරසිරි දොඩංගොඩ මහතාටය.

 

amarasiri dodangoda 97145a67 f277 429f 921c f8caa383339 resize 750අමරසිරි දොඩංගොඩ

 

එතුමා වාමාංශිකයෙකි, දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ධුරයට 1993 දී ප්‍රථම වතාවට ඔහු පත් වූ අතර  එම මැතිවරණ වේදිකාවලදී “බෙන්තර ගඟින් මෙපිට දකුණු පළාත තුල බහුජාතික සමාගමක් සතු කොකාකෝලා අලෙවි කිරීමට අවස්ථාව ලබා නොදෙන” බවද ඔහු ප්‍රකාශ කළේය. එම ප්‍රකාශ සත්භාවයෙන් ප්‍රකාශ කළාද නැත්නම් බලයට පත් වූවාට පසු කිරීමට අපහසු වූයේද යන්න අප දන්නේ නැත.

 

නමුත් ඔහු අමාත්‍ය ධුරයට පත් වූ වහාම අමාත්‍යවරයා සතු  සුඛෝපභෝගි වාහන වෙන්දේසි කොට ඩබල් කැබ් රථයක් භාවිතා කිරීම ආරම්භ කළේය. නමුත් වසරකට පමණ පසු නැවතත් සුපිරි අවුඩි රථයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මිලට ගැනීමට සිදුවිය. එතනින් අමාත්‍යවරයාගේ කැබ් රථ භාවිතය අවසන් විය.

 

Arvind Kejriwal 2022 Official Portrail AI enhancedඅරවින්ද් කෙජ්රිවාල්


ඉන්දියාවේ දිල්ලියේ මහ ඇමැතිවරයා වූ  දූෂණ විරෝධි ආමි ආද්මි පක්ෂයේ නායක  අරවින්ද් කෙජ්රිවාල් ගේ 2013 දී ප්‍රධාන පොරොන්දුවක් ලෙස අධි සුඛෝපභෝගී වාහන වෙනුවට කැබ්රථ භාවිතා කිරීමත් සුපිරි මන්දිර වෙනුවට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමත් විය. නමුත් වසර දහයක් ගතවන විට  ඔහුට විශාල මන්දිර සහ සුඛෝපභෝගී වාහන වලින් අඩුවක් නොවූ අතර අවසානයේ සිපිරිගයට යෑමටද සිදුවිය.

කැබ් රථ 1775 මිලදීන් ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබුණේ අයවැයට පෙරය. තමන්ගේ මන්ත්‍රීවරුන්ගේ උද්යෝගය පවත්වාගෙන යෑමට එවැනි දේ කළ යුතුය. මෙම මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 40.8 වැය වන අතර කැබ් රථයක සාමාන්‍ය වටිනාකම රුපියල් මිලියන 24.5 කී.

 


Rasanga
  (සටහන | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
  ජාතික සංවිධායක
  ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය
  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න