ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු පරිශීලකයින් සඳහා ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් භාවිතය නවත්වන බව මෙටා සමාගම පවසා ඇත. ඔස්ට්‍රෙලියානු රජය විසින් හදුන්වාදීමට යන මාර්ගගත ආරක්ෂාව පිළිබඳ නව නීතිවලට අනුකුලවෙමින් මෙම තහනම දෙසැම්බර් 10 වන දින සිට ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව මෙටා සමාගම පසුගිය බ්‍රහස්පතින්දා තරුණ ඕස්ට්‍රේලියානුවන්ට දැනුම් දුන්නේ සති දෙකක් ඇතුළත. ඔවුන්ගේ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්වල ඇති ඩිජිටල් ඉතිහාස ඩවුන්ලෝඩ් කරගෙන ඔවුන්ගේ ගිණුම් මකා දමන ලෙස යි.

අවුරුදු 16ට අඩු ඕස්ට්‍රේලියානු ළමයින් ගේ සමාජ මාධ්‍ය ගිණුම් අවලංගුයි
ඕස්ට්‍රේලියානු රජය මීට සති දෙකකට පෙර නිවේදනය කළේ මෙටා වේදිකා තුන සහ ස්නැප්චැට්, ටික්ටොක්, එක්ස් සහ යූ ටියුබ් දෙසැම්බර් 10 වන දින සිට වයස අවුරුදු 16ට අඩු ඕස්ට්‍රේලියානු ගිණුම් හිමියන් බැහැර කිරීමට සාධාරණ පියවර ගත යුතු බවයි. මීට ප්‍රතිචාර ලෙස කැලිෆෝනියාවේ පිහිටි මෙටා බ්‍රහස්පතින්දා එම නීතියට අනුකූල වන තාක්ෂණික සමාගම්වලින් පළමුවැන්නා බවට පත්වෙමින් තම තීරණය ප්‍රකාශයට පත්කෙරෙනි.
"බලපෑමට ලක් වූ යෞවනයින්ට ඔවුන්ගේ සම්බන්ධතා සහ මතක සුරැකීමට අවස්ථාව ලබා දීම සඳහා අපි අද ඔවුන්ට දැනුම් දීමට පටන් ගනිමු," යනුවෙන් මෙටා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
"දෙසැම්බර් 10 වන විට වයස අවුරුදු 16 ට අඩු සියලුම පරිශීලකයින් ඉවත් කිරීමට අපි උපරිම මහන්සියෙන් වැඩ කරන අතර, නීතියට අනුකූල වීම අඛණ්ඩව පවත්වාගනයාම සදහා ක්‍රමවේද කිපයක් ඔස්සෙ කටයුතු කරනවා," යැයි මෙටාහි උප සභාපති සහ ගෝලීය ආරක්ෂක ප්‍රධානී ඇන්ටිගනී ඩේවිස් මාධ්‍යට පවසා තිබුණි.
මිලියන ගණනක ගේ පුද්ගලික දත්ත අවදානමට
වයස අවුරුදු 16 ට අඩු ඕස්ට්‍රේලියානු දරුවන් සඳහා ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ප්‍රවේශය අවහිර කිරීම සලකා බැලීමට මෙටා ගත් තීරණය මාර්ගගත ආරක්ෂාව, නියාමනය සහ සමාජ මාධ්‍යවල අනාගතය පිළිබඳව ප්‍රධාන විවාදයක් ගොඩනංවා ඇත. බාලවයස්කරුවන් සඳහා වඩා හොඳ ආරක්ෂාවක් සහතික කිරීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා සඳහා දැඩි වයස් සත්‍යාපන පද්ධති අවශ්‍ය කරන බවට යෝජිත ඕස්ට්‍රේලියානු නීතිවලට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගෙන ඇත. වයස අවුරුදු 16 ට අඩු දරුවන් තම දෙමාපියන්ගේ අවසරයකින් තොරව ඇතැම් මාර්ගගත වේදිකාවලට ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජය දැඩි නීති රීති සඳහා අවදානය යොමු කළේ කලකට ඉහත දී ය. දැනටමත් ඇති ඩිජිටල් හැඳුනුම්පත් පරීක්ෂාව, මුහුණු හඳුනාගැනීම හෝ තෙවන පාර්ශවීය සත්‍යාපනය යනාදි යෝජිත සත්‍යාපන ක්‍රම සැලකිය යුතු පෞද්ගලිකත්ව අවදානම් ඇති කරන අතර මිලියන ගණනකගේ පුද්ගලික දත්ත අවදානමට ලක් කළ හැකි බව මෙටා තර්ක කරයි.නමුත් නව අවදානම් ඇති කළ හැකි පද්ධති ගොඩනැගීම වෙනුවට, එය යෞවනයන් සඳහා ප්‍රවේශය සම්පූර්ණයෙන්ම තාවකාලිකව අත්හිටුවිය හැකි බව මෙටා වැඩිදුරටත් පවසනවා.

කොමසාරිස්වරයාට සැලකිය යුතු බලයක්
මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 13 ත් 15 ත් අතර ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් 350,000 ක් සහ ෆේස්බුක් පරිශීලකයින් 150,000 ක් පමණ සිටින බව රටේ අන්තර්ජාල නියාමක ආයතන පවසයි. මෙම පරිශීලකයන්ට ඇතිකර තිබෙන බලපෑම් කෙරෙහි අවධානය යොමුකරන ඕස්ට්‍රේලියාව ඩිජිටල් ආරක්ෂණ නීති ක්‍රමයෙන් දැඩි කරමින් සිටී. නවතම යෝජනා අතරට වයස අවුරුදු 16 ට අඩු දරුවන් සත්‍යාපන කළ දෙමාපියන්ගේ අවසරයකින් තොරව සමාජ මාධ්‍ය වේදිකාවලට ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා නිර්මාණය කර ඇති දැඩි වයස් සත්‍යාපන අවශ්‍යතා ඇතුළත් වේ. ඒ සදහා 2021 මාර්ගගත ආරක්ෂණ පනත eSafety මගින් කොමසාරිස්වරයාට සැලකිය යුතු බලයක් ලබා දී ඇති අතර 2024–2025 යෝජිත නීති ඊටත් වඩා ඉදිරියට යමින් සත්‍යාපන අවශ්‍යතා දැඩිකිරිමට පියවරගෙන ඇත. වයස් ප්‍රකාශන ඒ ආකාරයෙන් ම පිළිනොගෙන සජිවීව මුහුණු ස්කෑන් කර වයස් නිර්ණය කිරිම ඩිජිටල් හැඳුනුම් පත් පරික්ෂාව යනාදි ක්‍රම මෙම සත්‍යාපන සඳහා භාවිතයට ගනු ඇති.
වඩාත් විනිවිද පෙනෙන ඩිජිටල් පරිසරයක්
සියලු ම අවුරුදු 16 ට අඩු පරිශීලකයින්ගේ සිය වයස තහවුරු කිරීම, තම දෙමාපියන්ගේ කැමැත්ත ලබා ගැනීම, ළමා මාර්ගගත රහස්‍යතා කේතයක් හඳුන්වා දීම, බාලවයස්කරුවන් ඉලක්ක කරගත් පැතිකඩ සහ ඉලක්කගත වෙළඳ දැන්වීම් සීමා කිරීමේ නීති, තාක්ෂණික සමාගම් තරුණ දත්ත රැස් කරන සහ බෙදා ගන්නා ආකාරය පිළිබඳ සීමා පැනවීම මීට ඇතුළත්වනු ඇති. මෙම ප්‍රතිසංස්කරණ මගින් තරුණයින් සඳහා ආරක්ෂිත, වඩාත් විනිවිද පෙනෙන ඩිජිටල් පරිසරයක් නිර්මාණය කිරීම ඔස්ට්‍රෙලියානු රජය අරමුණු කරයි. පරිශීලක පෞද්ගලිකත්වය අවදානමට ලක් නොකරන ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබද සම්පූර්ණ සහතිකයක් මෙටා දීමට නොහැකිවීම මෙම ක්‍රියා මාර්ගය ගැනීමට හේතුවී තිබෙන බවයි ඔවුන් පවසන්නේ. වඩාත් ආරක්ෂිත සත්‍යාපන ක්‍රම හඳුන්වා දෙනතුරු වයස අවුරුදු 16 ට අඩු ඕස්ට්‍රේලියානු යෞවනයන් සඳහා ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිතා කිරීම අවහිර සිදුකරන බවත් ඔවුන් පවසනවා.

විචාරකයින්ගේ අනතුරු ඇඟවීම
ඕස්ට්‍රේලියාවේ ඊළඟට සිදුවන්නේ කුමක්ද යන්න ලොව පුරා නියාමකයින් විසින් සමීපව නිරීක්ෂණය කරනු ඇත. මෙටා යෞවන ප්‍රවේශය අවහිර කළහොත්, අනෙකුත් වේදිකා අනුගමනය කළ හැකි අතර, තරුණයින් සමාජ මාධ්‍ය සමග සම්බන්ධ වන ආකාරයෙහි ප්‍රධාන වෙනසක් ඇති කරයි. සම්මුතියකට එළඹෙන්නේ නම්, ඕස්ට්‍රේලියාව අන්තර්ජාල ළමා ආරක්ෂාව සඳහා නව ගෝලීය ප්‍රමිතියක් සකස් කිරීමට උදව් කළ හැකි බවද පවසා ඇත. ඕස්ට්‍රේලියාවේ මෙම යෝජනාවට පක්ෂව සිටින අය තර්ක කරන්නේ සමාජ මාධ්‍ය සමාගම් හානිකර අන්තර්ගතයන්, සයිබර් හිරිහැර කිරීම්, මානසික-සෞඛ්‍ය බලපෑම් සහ ඇබ්බැහි නිර්මාණ රටා ප්‍රමාණවත් ලෙස පාලනය කිරීමට අපොහොසත් වී ඇති බවයි. ප්‍රවේශය අවහිර කිරීම හෝ දැඩි පාලනයන් ක්‍රියාත්මක කිරීම නුසුදුසු ප්‍රවේශ වෙත නිරාවරණය වීම අඩු කිරීමට සහ අවදානමට ලක්විය හැකි තරුණ පරිශීලකයින් ආරක්ෂා කිරීමට උපකාරී වනු ඇති බවයි ඔවුන් පවසන්නේ. නමුත් සම්පූර්ණ අවහිර කිරීමක් නිසා යෞවනයින් සමාජීය වශයෙන් හුදකලා කිරීමටත්, නියාමනය නොකළ වේදිකාවලට තල්ලු කිරීමත් හෝ ඩිජිටල් විශමතා පරතරය පුළුල් කිරීමටත් හේතු විය හැකි බවට විචාරකයින් අනතුරු අඟවනු ලබනවා.
කෙසේ වෙතත්, ඩිජිටල් යුගයේ මාර්ගගත ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ තරුණ අයිතිවාසිකම් සමතුලිත කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ගෝලීය සංවාදයකට මෙමගින් නව වේදිකාවක් නිර්මාණය කර ඇත.
අපට මෙය කළ නොහැකි ඇයි...?
දකුණු ආසියාවේ වඩාත් ක්‍රියාකාරී සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර ශ්‍රී ලාංකික දරුවන් සිටින බැවින් මෙම විවාදය අපට ද වැදගත්වේ .මේ වනවිටත් මෙරට සිසුන් සඳහා, යූ ටියුබ්, ටික්ටොක්, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි වේදිකා විනෝදාස්වාදය, ඉගෙනීම, සන්නිවේදනය සහ නිර්මාණශීලිත්වය සඳහා අවකාශ බවට පත්ව තිබේ. එමෙන්ම මෙම වේදිකා ම ඔවුන් සයිබර් හිරිහැර කිරීම, අපයෝජන හිරිහැර කිරීම, වැරදි තොරතුරු, ඇබ්බැහි කරවන ඇල්ගොරිතම, වංචා සහ හානිකර අන්තර්ගතවලට ද නිරාවරණය කර ඇත. ඕස්ට්‍රේලියාව ආමන්ත්‍රණය කරන ගැටලු - තරුණ ආරක්ෂාව, මානසික සෞඛ්‍යය, දත්ත රහස්‍යතාවය සහ හානිකර අන්තර්ගතය අපට ද ඒ ආකාරයෙන්ම පවතී.

එසේ නම් ඕස්ට්‍රේලියාවේ මෙන් සමාජ මාධ්‍ය තහනමකට අප නොයන්නේ ඇයි...? අපගේ ඩිජිටල් භූ දර්ශනය, ප්‍රවේශ අසමානතාව සහ සත්‍යාපන පද්ධති නොමැතිකමනිසා එවැනි පියවරක් ගැනීම ප්‍රායෝගික නොවන අතර ඉන් ඇතිවිය හැකි හානිකර තත්වය ගැන ද සිතිය යුතු බවයි ඩිජිටල් භාවිතය පිලිබඳ විද්වතුන්ගේ අදහසවන්නේ.ඒ සදහා, සධාරණ ඩිජිටල් පහසුකම්, ශක්තිමත් වේදිකා වගවීම්, වඩා හොඳ දෙමාපිය දැනුවත්භාවය,වැඩිදියුණු කළ පාසල් මට්ටමේ ඩිජිටල් අධ්‍යාපනය,ජාතික මට්ටමේ ළමා ආරක්ෂණ රෙගුලාසි යනාදි උපාය මාර්ග පළමුව සපුරා ගත යුතු බවයි ඔවුන්ගේ පවසන්නේ. අවම වශයෙන් ඩිජිටල් හැඳුනුම්පතක් හෝ හඳුන්වා දීමට තවමත් අපට නොහැකිවී ඇත. මෙවැනි ක්‍රියා ඩිජිටල් ආරක්ෂාවක් පිළිබඳව සිතිමට අප පළමුව කළ යුතු කාර්ය ලෙස හඳුනා ගැනීම වැදගත් වේ.
(සටහන - ටී.එම්.ජී. චන්ද්‍රසේකර)
(Media Activist, Communication Specialist, Media Trainer, Guest Lecturer)
Former Director News , Director Training and Research at Sri Lanka Rupavahini Corporation
Former Specialist / strategic Communications at Information and Communication Technology Agency of Sri Lanka (ICTA)
Former Media consultant at Sri Lanka CERT
උපුටා ගැනීම - Tmg Chandrasekara ෆේස්බුක් පිටුවෙන්..

