ආපදා කළමනාකරණය ගැන 10 ශ්‍රේණියේ සිංහල පොතෙන් ආණ්ඩුවට පාඩමක් !!!

ආපදා කළමනාකරණය ගැන 10 ශ්‍රේණියේ සිංහල පොතෙන් ආණ්ඩුවට පාඩමක් !!!

දැනට පාසල් වල භාවිතා කරන 10 වැනි ශ්‍රේණියේ  සිංහල පාඩම් පොතෙහි ආපදා කළමනාකරණය යනුවෙන් සුවිශේෂ පාඩමක් ඇත .

දහවන වසරේ සිසු දරු දැරියන්ට තේරෙන බසින් සරලව ලියා ඇති මෙම පාඩමේ අන්තර්ගත කරුනු ටිකවත් ආණ්ඩුව විසින් මේ අවස්ථාවේ ක්‍රියාත්මක කළහොත් ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට අඳුරේ අතපත නොගා තමන්ගේ කටයුත්ත නිසි ලෙස කරගත හැකිවන බව මේ සම්බන්ධයෙන් අපවෙත අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති වූ විදුහල්පතිවරයෙක් සඳහන් කළේය.

එහි සඳහන් වන ආකාරයට මුලින්ම ස්වභාවික ආපදාවක් යනු කුමක්දැයි අර්ථකථනය කර තිබේ.

එම අර්ථකථනය අනුව කිසියම් ස්වභාවික අපදාවකින් පුද්ගලයන් දස දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විම හෝ  එවන් සිදුවීමක් නිසා අඩුම තරමින් පුද්ගලයන් සිය දෙනකු විපතට පත් වූ අවස්ථාවක් හදිසි ආපදාවක් ලෙස සැලකේ. ඒ අවස්ථාවේදී කිසියම් රටකට  ජාත්‍යන්තර ආධාර ඉල්ලුම් කළ හැකිය. එසේත් නැති නම් තම රට හදිසි අවශ්‍යතාවලින් පෙලෙන රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ හැකියැයි සඳහන් වෙයි.


මෙලෙස දහය වසරේ සිසු දරැ දැරියන්ට උගන්වන පාඩමේ සඳහන් වන ආකාරයට දැන්වත් ශ්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතාවලින් පෙලෙන රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළහොත් එය එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිලිගන්නා ප්‍රඥප්තියකට අදාළ කරුණකි .එවිට නිල වශයෙන් අදාළ රටට ජාත්‍යන්තරය උදව් කිරීමට බැඳී සිටින බව මේ  සම්බන්ධ  ප්‍රාමාණික දැනුම ඇති විශේෂඥයෝ පවසති.

එබැවින් දැන්වත් රජයේ ලොක්කන් 10 වැනි ශ්‍රේණියේ සිංහල පාඩම් පොත කියවා බලා සුදුසු පියවර ගත යුතු බව එම විද්වත්හු වැඩිදුරටත් පවසති.



apada1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න