විපතක් සිදු වූ විට, රජයක පළමු වගකීම වන්නේ ජීවිත ආරක්ෂා කිරීම යි. එය කරන්නේ කෙසේ ද ,කළ යුත්තේ මොනවා ද යන්න පිළිබඳව ලොව පුරා ඇති ආදර්ශ තුළින් ගත හැකි පොදු පාඩම වන්නේ ඉක්මන් ප්‍රතිචාර, සම්බන්ධීකරණය සහ සන්නිවේදනය ඉතා වැදගත් වී ඇති බවයි.
2011 ටෝහොකු භූමිකම්පාවට සහ සුනාමියට ජපානය මුහුණ දුන් ආකාරය
2011 ටෝහොකු භූමිකම්පාව සහ සුනාමියට ජපානය මුහුණ දුන් ආකාරය, මේ පිළිබඳ උනන්දුවක් දක්වන කණ්ඩායම් ගෙනහැර පානා එක් ප්‍රබල උදාහරණයකි. ව්‍යසනයෙන් පැය කිහිපයක් ඇතුළත, ස්වෙච්චා ආරක්ෂක හමුදා නිලධාරීන් දහස් ගණනක් ක්‍රියාත්මක වූහ. ඉවත් කිරීම්, අනාතවුවන්ට නවාතැන් සූදානම් කිරීම, සෙවීමේ සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ද කෙටිකාලයක් තුළ යෙදෙවු අතර, හදිසි සැපයුම් බෙදා හැරීම් වෙගවත් කළේ ය. ජපානයට මෙසේ ක්‍රියාකිරිමට හැකිවුවේ වසර ගණනාවක පුහුණුව, අභ්‍යාස සහ ආපදා කළමනාකරණය සඳහා සිදු කළ ආයෝජනය වැඩිකිරිමේ ප්‍රතිඵලක් ලෙස බවයි මේ පිළිබඳ අදහස් දක්වන්නන් ප්‍රකාශ කරන්නේ.
ටෝහොකු භූමිකම්පාව
බොරදියේ මාළු අල්ලන දේශපාලන විවෙචන
මහජනයා දැනුවත්කිරිම් සහ සන්නිවේදනය ආපදා අවස්ථාවක දී ඉතා වැදගත්වේ. එය විශ්වසනීය ක්‍රියාවලියක් මෙන් ම එකම තොරතුරු සපයන්නකු සිටීම වැදගාත්වේ. 2023 දී ගේබ්‍රියෙල් සුළි කුණාටුව අතරතුර, නවසීලන්ත අගමැති ගේ නායකත්වයෙන් සහ හදිසි සේවා සම්බන්ධ බලධාරීන් ගෙන් යුත් කණ්ඩායමක් විනිවිද පෙනෙන ක්‍රමවේද ඔස්සේ දෛනික යාවත්කාලීන කිරීම් වලට ප්‍රමුඛත්වය දුන්නේ ය. අවදානම්, ආරක්ෂිත කලාප සහ ලබා ගත හැකි සේවා පිළිබඳව පුරවැසියන්ට සන්සුන්ව දැනුම් දුන්නේ ය. මෙමගින් භීතිය වළක්වා ගත් අතර මහජනතාව විශ්වාසවන්තව එම උපදෙස් පිළිපැද්දේ ය. මිනිසුන්ට විවිධාකාර පණිවිඩ ලැබෙන විට බොරදියේ මාළු අල්ලන දේශපාලන විවෙචන දොස් පැවරීම් ඇතිවන විට ආපදා ප්‍රතිචාර ක්‍රියාවලි මන්දෝත්සාහිවේ. බිඳ වැටේ. ඒ බව ඔවුන් තේරුම් ගෙන තිබුණි.
ගේබ්‍රියෙල් සුළි කුණාටුව
කැත්‍රිනා සුළි කුණාටු ඛේදවාචකය
ආණ්ඩු ද සමාජයේ සෑම අංශයක ම සහාය ලබා ගත යුතු වේ. 2004 ඉන්දියානු සාගර සුනාමියෙන් පසු, ඉන්දුනීසියාව රාජ්‍ය නොවන සංවිධාන, ජාත්‍යන්තර ආයතන සහ විදේශීය සහන සේවා කණ්ඩායම් සමග හොඳ සම්බන්ධීකරණයකින් කටයුතු කළේ ය. එමගින් ජනතාව නැවත පදින්චි කිරිම, පාසල් සහ යටිතල පහසුකම් නැවත ගොඩනගන ඒකාබද්ධ මෙහෙයුමක් නිර්මාණය කළේ ය. සහන යනු හදිසි ආධාර පමණක් නොවේ; එය දිගුකාලීන සහයොගිතාවක් බවට පත්කර ගත්තේ ය. ඒ සඳහා සම්පත් සොයා ගැනීම මෙන්ම සාධාරණව බෙදා හැරීම ද වැදගත්වේ. අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කිරීම සදාචාරාත්මක මෙන්ම ජාතික මෙහෙයුම්කි; යුතුකමකි. එක්සත් ජනපදයේ කැත්‍රිනා සුළි කුණාටුව අවස්ථාවේ වැඩිහිටියන්, දුප්පතුන් සහ ආබාධ සහිත පුද්ගලයින් ඉවත් කිරීමට අපොහොසත් වීම නිසා මුහුණදුන් දුක් වේදනා සහ මරණ හේතුවෙන් බලධාරීන් ලෝකයේ ම දැඩි විවෙචනයට ලක්විය.
මෙරට විධායකයේ මැදිහත්වීම එක්සත් ජාතින් ගේ පැසසුමට
රාජ්‍යයට ආපදා නැවැත්විය නොහැකි නමුත් ප්‍රතිඵල පාලනය කිරිමේ හැකියාව තිබිය යුතු ය. අද මුහුණ දී සිටින ආපදා හමුවෙ මෙතෙක් ක්‍රියා කර ඇති ආකාරය සහ විධායකයේ මැදිහත්වීම පිළිබදව එක්සත් ජාතින් ද පසසා තිබුණි. එය ඔහුට තනිව කළ හැකි දෙයක් නොවේ. අනෙකුත් පාර්ශවවල සහාය ඒ ආකායෙන් ම තිබිය යුතුවේ. එය මීට වඩා හොඳින් කළ හැකි නොවූයේ මන්ද යන්න පිළිබද විවෙචනවලට ද අද ඔහුට මුහුණ දීමට සිදුවී තිබේ.
සන්නද්ධ හමුදා, සෞඛ්‍ය සේවකයින්, සාමාන්‍ය ජනතාව සහ ස්වෙච්චා සංවිධාන කළ මෙහෙය
මීට පෙර 2004 සුනාමිය, ගංවතුර සහ නායයෑම් යනාදි අර්බුද කිහිපයකට ම මුහුණ දී අප රටට අත්දැකීම් තිබේ. එහි දී සන්නද්ධ හමුදා, සෞඛ්‍ය සේවකයින් සහ සාමාන්‍ය ජනතාව ස්වෙච්චා සංවිධාන විශාල මෙහෙයක් කළහ. කෙසේ වෙතත්, ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව පෙර සූදානමකින් ම කළ හැකිදෙයක් නොවේ. අප හැමවිට ම සිදුකර ඇත්තේ ආපදාවල මුහුණ දෙන්නේ කෙසේ ද යන්න සැලසුම් කිරීම ට වඩා ආපදාවකින් පසුව ඊට ප්‍රතික්‍රියා දැක්වීම යි. නායයෑම් සිතියම් ගතකර ඇතත් ඉවත් කිරීමේ ක්‍රියා මාර්ග පැහැදිලිව සිදුකර නොමැතිබවක් පෙනේ. තරමක ජල ගැලීමක දී පවා පොදු සන්නිවේදන පද්ධති තවමත් බිඳවැටේ. නමුත් ඒවා යථාවත් කිරිමට සන්නිවේදන,ජල සහ විදුලි අංශ දැක්වු දායකත්වය මෙම අවස්ථාවේ පැසසිය යුතුය. නාගරික සහ ඉඩම් පරිහරණ දුර්වල ප්‍රතිපත්ති මීට තවත් හෙතුවක් වී තිබේ. දේශපාලන වුවමනාකම් මත ජනතාව පදින්චි කිරීම් නිසා බොහෝ අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල පවා ජනතාව පදින්චි කිරීම නිසා අද සිය ජීවිත අහිමිකරගෙන ඇත. නාගරික මෙන්ම කදුකරයේ මේ තත්වය දක්නට ලැබේ. අවදානමකින් පසු හොඳින් ම කළේ අප යැයි කියනවාට වඩා වැදගත්වන්නේ, අනාගත ඛේදවාචක වැළැක්වීමට, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීමට සහ සියලු පුරවැසියන් සඳහා සාධාරණ ආරක්ෂාවක් සහතික කිරීමට ඇති හැකියාව වර්ධනය කිරීමයි.

සුනාමියෙන් ඉගෙන ගත් පාඩම්
2004 සුනාමිය සිදුවී වසර 20 කට වඩා කලක් ගතව ඇත . 2004 සුනාමිය මුලින්ම හඳුනාගත් අමෙරිකාවෙ සියටල්හි සුනාමි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒ බව අප රටට දැන්වීමට උත්සාහ කළ ද ඒ වනවිට කිසිම ආයතනයක් හෝ පුද්ගලයකු සම්බන්ධ කර ගනීමට නොහැකිවු බව අප එහි කළ සංචාරයක දී එහි නිලධාරින් අප සමග පැවසු බව මා මීට පෙර ලිපියක ද සඳහන් කර ඇත. අද එවැන්නක් කිව නොහැකි ය. පාස්කු ප්‍රහාරයමෙන් මෙම ව්‍යසනය ද කල් තියා දැන සිටි බවත් ඊට යහපත් ප්‍රතිචාර නොදැක්වූ බවට මේ වනවිටත් සංවාදයක් ඇතිවී තිබේ. සුනාමියෙන් ඉගෙන ගත් පාඩම් මතින් ගත් යහපත් ක්‍රියා මර්ග රැසක් විය. ඒ අනුව 2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනත, 2005 මැයි මස සිට බලාත්මක කිරීම එක් සාධකයකි. එය සකස් කිරීම සහ නීතිගත කිරීම යනාදි තත්ත්ව පිළිබඳ විවෙචන තිබුණ ද එමගින් කාලින අවශ්‍යතාවක් සපුරා ගැනිණ. මෙමගින් රට තුළ ආපදා අවදානම් පාලනය කිරීමේ පද්ධතියට නෛතික පදනමක් ලබාදී ඇත. අරමුදල් රැස්කිරීම සහ ඒවා පාලනය කිරිම නැවත ගොඩනැගීම සඳහා වූ විදිමත් යාන්ත්‍රනයක අවශ්‍යතාව ඉන් අපේක්ෂා කෙරිණ. මෙම පනත මගින් ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් සහ අග්‍රාමාත්‍යවරිය ගේ උප සභාපතිත්වයෙන් ද, විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන්, සුළු ජන කණ්ඩායම් නියෝජන සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ගෙන් සැදුම්ලත් ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික සභාව ස්ථාපිත කිරිමට ප්‍රතිපාදන සපය ඇත. මෙම ඉහළ මට්ටමේ නියෝජනයෙන් සැදුම්ලත් ආයතනය මගින් රටතුළ ආපදා අවදානම් ක්‍රියාකාරකම් ඉටුකිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම සිදුකරනු ලබයි. ඊට අවශ්‍ය කටයුතු සඳහා පනතෙහි දක්වා ඇති ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇත. ඒ සදහා ආපදා කළමනාකරණ පනතක් බලගන්වා ඇත.

මාධ්‍ය ක්‍රියාකාරිත්වයේ යථාර්ථය
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ පනත නිර්මාණය කළේ සරල පොරොන්දුවක් සමගිනි. ආපදා වැළැක්වීම, පුරවැසියන් ආරක්ෂා කිරීම සහ ජාතික ප්‍රතිචාරය සංවිධානය කිරීම. එහෙත්, දශක දෙකකට ආසන්න කාලයක් පැවතුණ ද, එහි ක්‍රියාකරිත්වය පිළිබඳ සෑහිමට පත්විය නොහැකි බවයි අද සනාතව ඇත්තේ. එහි අඩුපාඩුකම් පැවතියේ නම් නිවැරැදි කර ගැනීමට ඉන් පසු ඵැවති ආණ්ඩු කටයුතුකර ඇති බවක් නොපෙනේ. පනත මගින් බලධාරීන්ට පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ස්ථාපිත කිරීමට, ප්‍රජා ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට සහ කාලගුණ, සෞඛ්‍ය සහ ආරක්ෂාව යනාදි ආයතන සම්බන්ධීකරණය කිරීමට බලය ලබා දෙයි. නමුත් ඒවායේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වයන් දක්නට නොලැබේ. සිදුවිමකින් පසු ක්‍රියාත්මක වේ. බොහොවිට සිදුවන්නේ දේශපාලනඥයින් ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවලට පැමිණ සහන පැකට් බෙදා හැරිම ය. මාධ්‍ය සිදු කළේ ද ඒවායේ දුක් අදෝනා මිස යථාර්ථය නොවේ. වැළැක්වීමේ සහ සූදානම පිළිබඳ පද්ධතියකින් විය යුතු දේ පශ්චාත්-ආපදා පුණ්‍ය චාරිත්‍රයක් බවට අද පත්ව ඇත. මාධ්‍ය ආයතන ද බොහෝවිට මේ රික්තය ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ගේ වගකීමෙන් එහා ගිය සහන කණ්ඩායම් බවට පත්වී සිය ප්‍රති රුප ඉහළ නංවා ගැනීමට එය අවස්ථාවක් කර ගනිමින් සිටියි.

ආරක්ෂක අංශවල සහභාගිත්වයේ යථාර්ථය
අනෙක් ප්‍රධාන ගැටලුවක් වන්නේ නිලධාරිවාදී අකර්මන්‍යතාව යි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) බොහෝ විට ක්‍රියාශීලී අණදෙන මධ්‍යස්ථානයක් ලෙස නොව පරිපාලන කාර්යාලයක් ලෙස ක්‍රියා කරන බවට චෝදන එල්ලව පවතී. එහි ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කරයි, නමුත් ක්‍රියාත්මක නොකෙරේ, දත්ත රැස් කරනු ලැබේ, නමුත් භාවිතා නොකෙරේ, සහ සම්බන්ධීකරණය යාන්ත්‍රණයක් නොව පිරික්සුම් ලැයිස්තුවක් ලෙස පවතී. ගංවතුර ඉහළ යන විට හෝ නායයෑම් ඇති වූ විට, ක්‍රමානුකූලව ප්‍රතිචාර දැක්වීමට කිසිවකු පුහුණු කර නොමැති නිසා අනෙකුත් නිලධරින් ද දැඩි අර්බුදයකට මුහුණ දෙයි. යම් පුහුණුවක් ඇත්තේ ආරක්ෂක අංශ නිලධාරින්ට පමණි. එය ඔවුන්ගේ වෘත්තියෙන් මිස මෙම ක්‍රියාදාමයේ කොටසක් නොවේ. අද ඔවුන්ගේ සහභාගිත්වය නොවන්නට තත්ත්වය මීට වඩා බරපතළ වනු ඇත. අනෙකුත් රාජ්‍ය නිලධාරින් කැපවීමෙන් කටයුතු කළ ද නීතිමය සහ ඇතැම්විට දේශපලන ඇඟිලි ගැසීම් ඔවුන් දුර්මුඛ කරයි. පනත මගින් ප්‍රජා පාදක සහභාගීත්වය සහ ආපදා අධ්‍යාපනය ද අපේක්ෂා කෙරේ. පාසල්, ගම් කමිටු සහ මාධ්‍ය වේදිකා නිතිපතා දැනුවත් කිරීම් කළ යුතු වේ. පුරවැසියන්ට අනතුරු ඇඟවිය යුත්තේ අනතුරක් ආසන්න වූ විට නොවේ. එය ආපදා කළමනාකරණය ද නොවේ. මෙය ආපදා ප්‍රතික්‍රියා ලෙසයි හැදින්වේන්නේ. එවිට සියල්ල සිදුවී හමාර ය.
කළමනාකරණ පනත ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූයේ ඇයි...?
අද එල්ල වන චෝදනව වන්නේ එය ක්‍රියාවට නැන්වීමේ අපොහොසත් භාවය යි. පවතින ආපදා කළමනාකරණ පනත ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හුදෙක් නීතිමය අඩුපාඩුවක් නොවේ; එය මහජන ආරක්ෂාව පිළිබඳ භයානක තත්වයකි. ආපදා නීති නිර්මාණය කර ඇත්තේ වැළැක්වීම, සූදානම, ප්‍රතිචාර දැක්වීම සහ යථා තත්ත්වයට පත් කිරීමේ පද්ධති ගොඩනැගීම සඳහා ය. මෙම යාන්ත්‍රණ අක්‍රියව පවතින විට සිදුවන්නේ ව්‍යසනය කළමනාකරණය ක්‍රියාවලියකට වඩා දේශපාලනික සහ පරිපාලනමය පොරබැදීමක් බවට පත්වීම යි. විකල්ප සහන මණ්ඩලය පිළිබඳ ඇති විවෙචන බැහැර කළ නොහැකි ය. එහි ඇති නියෝජනය මෙම ගැටලුව පිළිබඳව බිම්ම ට්ටමේ ඔවුන්ට ඇති අත් දැකීම් සහ දැනුම. රාජ්‍ය අයනවල චක්‍රලේඛ සහ ක්‍රියාපරිපටි පිළිබඳ දැණුම, ඔවුන්ට කළ හැකි බලපෑම, නිතිමය තත්ත්ව යනාදි විවෙචන බැහැර කළ නොහැකි ය.

පනත මගින් නිශ්චිතව දක්වා ඇති ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික සභාව ස්ථාපිත කිරිමට අපොහොසත්වීම ක්‍රියාත්මක නොකිරීම වගවීම දුර්වල කර ඇත. අනතුරු ඇඟවීම් නිකුත් කළ යුත්තේ, සහන සම්බන්ධීකරණය කළ යුත්තේ හෝ හමුදාව යෙදෙවුම් බළමුළු ගැන්විය යුත්තේ කවුරුන්ද යන්න ආයතන නොදනී. තීරණ ගැනීම් පමා කරයි. ආයතනික වගකීම වෙනුවට තනි නායකයින් මත (බොහොවිට නුපුහුනු දේශපාලකයින්) රඳා පැවතීමට සිදුවේ. මෙනිසා බොහෝ විට ඉවත් කිරීම් ප්‍රමාද වීම් සිදුවේ. අද වන විට ඉවත් කිරීම් සඳහා පොලිසියට, හමුදාවට බලය පැවරිමට ජනාධිපතිවරයාට සිදුව ඇත. එමෙන්ම නිවැරදි සන්නිවේදනයක් නොමැති වීම් නිසා සහ ආධාර අසමාන ලෙස බෙදා හැරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. විශේෂයෙන් ම ජන්තාව විවිධ සංවිධාන ස්වෙච්චාවෙන් ම සිදුකරන සහන කළමනාකරණය සිදු නොකළොත් එයින් ද අසමානතාවක් සිදුවේ.
තීරණ ගැනීමට බලය පැවරිමේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වූවා ද...?
ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් මෙවනවිට නැගෙන විවේචනය බොහෝ විට කේන්ද්‍රගතව ඇත්තේ ඊට ප්‍රතිචාර දැක්වීමෙ ක්‍රියාවලිය සම්බන්ධවයි. ගලවා ගැනීමේ කණ්ඩායම්, ඉවත් කිරීමේ නිවේදන සහ හදිසි සේවා සැපයිමේ දී හානිය දක දැකත් ඊට ප්‍රතිචාර දැකවිමට තමන්ට නොහැකිව “ඉහළින් උපදෙස්” එනතුරු බලා සිටීමට නිලධාරින්ට සිදුව තිබෙන නිසා බවයි පළාත් පාලන ආයතන සාමාන්‍යයෙන් පවසන්නේ. ස්වේච්චා සංවිධාන සහ මහජන සහභාගිත්වය උපරිම තිබුන ද තීරණාත්මක තීන්දු ගැනීමේ දී නිලධාරි මැදිහත්වීම අවශ්‍ය වේ.
නමුත් ඔවුන් සාමන්‍ය පරිපාලන නීති යටතේ ක්‍රියා කිරීමට බැඳී සිටියි. අධිකාරි බලය ඉහළට ගමන් කරයි. එය ජීවිතාරක්ෂක තීරණවලට පවා බලපාන බැවින් ප්‍රතිචාර මන්දගාමි වී තිබේ. ගංවතුර, නායයෑම් සහ මෝසම් ආශ්‍රිත ව්‍යසන සෘතුමය සහ පුරෝකථනය කළ හැකි නමුත් බොහෝ විට ඒවා සිදුවන්නේ අනපේක්ෂිත ලෙස බව මෙම පරිපාලන චක්‍රලේඛවලට හසු නොවේ. මෙම තත්ත්ව තේරුම් ගත් ජනාධිපතිවරයා අවශ්‍ය තීරණ ගැනීමට බලය පැවරිමේ ගැසට් නිවේදනයක් ද පසුව නිකුත් කළේ ය. නමුත් සුපුරුදු ක්‍රියාවයේ එතරම් වෙනසක් සිදුවු බවක් නොපෙනේ.
කාලගුණ 'අනාවැකි' සහ 'නිවේදන' අතර වෙනස
තවත් වදගත් සාධකයක් වන්නේ දියාරු සන්නිවෙදනයයි . බොහෝ කාලගුණ නිවෙදන පවා නිකුත්වන්නේ "අධික වර්ෂාව අපේක්ෂා කෙරේ" “ඇතැම්විට ජලගැලිම් තත්වයන් ඇතිවිය හැකිය” වැනි නිවේදනවලිනි. නිවේදන යාවත්කාලීන කිරීම් මන්දගාමී වන අතර, ජනතාවට නිශ්චිත උපදෙස් නොලැබේ. තවමත් අපරට තුළ ඇත්තේ කාළගුණ අනාවැකි මිස නිවේදන නොවේ. අනාවැකි සිදුවීමට මෙන්ම නොසිදුවීමට ද ඉඩ තිබේ. බොහොවිට එවා ඒ ආකාරයෙන් ම සිදු නොවන බැවින් මහජන විශ්වාශය ද දියාරු වී ඇත. සමහරවිට අමාත්‍යාංශවල නිවේදන පළාත් බලධාරීන්ගේ නිවේදනවලට වෙනස් ය. ළඟ එන ආපදාවක දී ආරක්ෂාව සඳහා යා යුත්තේ කොතැනට ද හෝ කාව විශ්වාස කළ යුතු ද යන්න පිළිබඳව සැකයක් ඇති කරයි. සන්නිවේදනය අපැහැදිලි වූ විට, භීතිය සහ වැරදි තොරතුරු විශේෂයෙන් අවදානමට ලක්විය හැකි ජනයා අතර පැතිර යා හැකි ය. මේනිසා ආපදාවල දී, මෙරට වැසියන් බොහෝ විට රජයේ නිල ආයතනලට වඩා සමාජ මාධ්‍ය, කට කතා ජාල හෝ රාජ්‍ය නොවන සංවිධාන මත විශ්වාශය තැබිමට යොමුවෙ. අවසානයේ වගවිය යුත්තකු සොයා ගත නොහැකි වනු ඇත.
සහනාධාර බෙදා හැරීමේ ක්‍රමවේදයේ දුර්වලතා
විධිමත් ක්‍රමවේදයක් නොමති තැන සහනාධාර බෙදා හැරීම තෝරා බේරා ගැනීම් මත සිදුවන බවට චෝදනාවද එල්ල වන බව පෙනේ. ඒ අනුව වැඩි මාධ්‍ය අවධානයක් ඇති ප්‍රදේශවලට වේගවත් ලෙස සහයෝගය ලැබීමේ නැඹුරුතාවක් ඇතිවන අතර දුරස්ත දිස්ත්‍රික්කවල වඩාත්ද දුෂ්කර ප්‍රදේශලවට වැඩි කාලයක් බලා සිටීමට සිදුවේ. බිම් මට්ටමේ රජයේ නියොජිතයා වූ ග්‍රාමසේවක ගේ නිවැරැදි තොරතුරු මෙන්ම මෙහි දී බිම් මට්ටමේ පැතුරුණු සර්වෝදය බඳු ස්වෙච්චා සංවිධානවල සහාය ඉතාම වැදගත් වේ. සම සහන නොලබීම හිතා මතා නොකළ ද, මෙමගින් අසාධාරණයක් පිළිබඳ හැඟීමක් ඇති කරනු ලබන අතර බලපෑමට ලක් වූ පවුල් කලකිරීමට සහ කෝපයට පත්වඇති ආකයරක් දක්නට ලැබේ.
මෝසම් වැසි, නායයෑම්, වසංගත සහ දේශගුණික බලපෑම්වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති රටකට, මෙම තත්ත්වය තවදුරටත් දැරිය නොහැකි ය. පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම, විශේෂඥයින් බල ගැන්වීම සහ සූදානම විකල්ප කාර්යයක් නොව ජාතික ප්‍රමුඛතාවයක් ලෙස සැලකීම අවශ්‍ය වේ.සුනාමියෙන් පසු වෙරලේ සිට නිශ්චිත ආරකෂිත තීරුවක කිසිම ඉදිකීරිමක් නොකරීමට ගත් තීරණය මේ වනතුරුත් ක්‍රියාත්මක නොවී ය. එය ප්‍රයෝගික නොවේ නම විකල්ප ක්‍රියා සෙවිය යුතුව තිබුණි. බොහෝ විට නීතියට වඩා දේශපාලනය ප්‍රමුක වන විට ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකි ය.

දැන් කළ යුත්තේ කුමක් ද...?
තව ටික දිනකින් ජලය බැස ගොස් මාධ්‍ය අවධානය මැකී ගිය පසු, සුපුරුදු පරිදි විමර්ශන නතර නොවිය යුතු වේ. බොහො දෙනෙක් මරන සහතිකයක් හෝ නොමතිවම මිහිතලය මත අතුරුදන් ගනයට අයත් වීම සිදු නොවිය යුතුය. එම ගණන් නිශ්චිත නැත. සමහරවිට දහස් ගණනක් වනු ඇතැයි අනුමාන කෙරේ. මෙතෙක් ඉදිරිපත්ව ඇති දත්ත බැලු බැල්මට ම යථාර්තවත් නොවන බව ඕනෑම කෙනකුට පෙනීයනු ඇත. නිලධාරීන් ස්වභාවධර්මයට, දේශගුණික විපර්යාසවලට හෝ පහළ මට්ටමේ සේවකයින්ට දොස් පවරා අත පිසදා ගැනීමට ද ඉඩදිය යුතු නොවේ. විගණන, පාර්ලිමේන්තු විමසීම් හෝ ස්වාධින විමර්ශන මගින් ‘වගවිය යුත්තේ කවුද...?' යන්න හඳුනා ගත යුතුව තිබේ. එවැනි දේ නැවත ඇති නොවීමේ ක්‍රියාවලියක් ඇති කළ යුතු වේ. වන්දි යාන්ත්‍රණය ද ඉක්මන් කළ යුතු වේ. දැනට නියමිත සහන මුදල් ලබා දෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ද දැන් පැන නැගී ඇත. ව්‍යසනයකින් පසු ඔප්පු තිරප්පු සෙවීමට සිදුවුවොත් එය ඛේදවාචකයක් බවට පත්වේ. ඉන්දියාවේ සෑම ජන කොටසක් ම ආවරණයවන පරිදි සකසා ඇති ආධාර් බඳු ඩිජිටල් ක්‍රමවේද හඳුන්වා දී තිබුනේ නම් මේ ගැටලු පැන නොනගිනු ඇත.

බලයේ සිටි පිරිස් තම වගකීම් ඉටුකර තිබේ ද...?
අද බොහෝවිට විවෙචන එල්ල කරන බලයේ සිටි පිරිස් තම වගකීම් ඉටුකර තිබේ ද යන්න අවංකව ම කල්පනා කළ යුතුව ඇත. ස්වභාවික ආපදා අද මුළු ලෝකයේ ම ජීවිත සමග බද්ධව පවතියි. එය දේශගුණික විපාර්‍යාස ලෝකයේ මූලික ගැටලුවක් වී ඇති බැවිනි. ආපදා කළමනාකරණය හදිසි ප්‍රතිචාරයක් පමණක් නොව ජාතික සංස්කෘතියක් විය යුතුය. අධ්‍යාපනය, පූර්ව අනතුරු ඇඟවීමේ දැනුවත්භාවය, ආරක්ෂිත ගොඩනැගිලි පිළිවෙත් සහ ප්‍රජා පුහුණුව හරහා සූදානම දෛනික පුරුද්දක් බවට පත් වූ විට - ජීවිත බේරා ගනී, හානි අඩු වේ, සහ යථා තත්ත්වයට පත්වීම වේගවත් වේ. සූදානමේ සංස්කෘතියක් සෑම පුරවැසියකු ම ගොදුරක් නොව ආරක්ෂකයකු බවට පත් කරයි.

(සටහන - ටී.එම්.ජී. චන්ද්‍රසේකර)
(Media Activist, Communication Specialist, Media Trainer, Guest Lecturer)
Former Director News , Director Training and Research at Sri Lanka Rupavahini Corporation
Former Specialist / strategic Communications at Information and Communication Technology Agency of Sri Lanka (ICTA)
Former Media consultant at Sri Lanka CERT
උපුටා ගැනීම - Tmg Chandrasekara ෆේස්බුක් පිටුවෙන්..

