අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍ය ගුවන්විදුලියට (බීබීසී) එරෙහිව ඩොලර් බිලියන 10 ක් දක්වා වන්දි ඉල්ලා ෆ්ලොරිඩාහි ඉහළ පෙළේ අපහාස නඩුවක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වර්තාකර ඇත.
බීබීසී රුපවාහිනියේ *පැනෝරාමා* වාර්තා වඩසටහනින් 2021 ජනවාරි 6 වන දින ඔහුගේ කතාවකින් තෝරා බේරා සංස්කරණය ප්‍රචාරය කිරිමෙන් ඔහුගේ කීර්ති නාමයට හානි කළ බවට ඉන් චෝදනා නගා ඇත. මෙම ප්‍රකාශය මේ වනවිට ගෝලීය පුවත් අතර සිරස්තල බවට පත්වී අති අතර, මාධ්‍ය පිළිබද නීතිඥයින් සහ ව්‍යවස්ථාමය විශේෂඥයින් අධිකරණය ඊට ලබාදෙන අවසන් ප්‍රතිපලය කුමක් වේදැයි දැඩි සැකක් මතු කරයි.
ට්‍රම්ප් ඉදිරියේ පවතින නීතිමය අභියෝග
බීබීසී සංස්කරණයෙන් වක්‍ර ලෙස ඇඟවූයේ එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමේ දී ප්‍රචණ්ඩත්වයට ට්‍රරම්ප් උඩගෙඩි දුන් බවයි. ට්‍රම්ප් මේ පිළිබඳ මීට පෙර එනම් සිද්ධියෙන් වසර පහකට පසු බීබීසී ට පසුගියදා චෝදන කළ අතර එය ආයතනික වැරැද්දක්ලෙස පිළිගෙන සමාව අයැද සිටිමට බී බී සීය කටයුතුකර තිබුණි. ඊට අදාළ නිලධාරින් ද ඉල්ලා අස්විය. නමුත් ඔවුන් ඉන් අපහාසයක් වූ බව තරයේ ප්‍රතික්ෂේප කළ අතර නීතිය ඉදිරියට යන්නේනම් ඊට සුදානම් බව ප්‍රකාශකර තිබුණි.
එක්සත් ජනපද අපහාස නීති විශේෂඥයින්ට අනුව, මෙම අධිකරණමය කටයුත්තේ දී ට්‍රම්ප් ඉදිරියේ නීතිමය අභියෝග තිබේ. ප්‍රමුඛ පෙළේ නීති විශාරදයෙකු වන මහාචාර්ය ඩේවිඩ් ආර්ඩියා ප්‍රකාශ කරන්නේ , ප්‍රසිද්ධ පුද්ගලයින් තමන්ට අපහාසයක් වූ බව (සැබෑ ද්වේෂය) ඔප්පු කළ යුතු බවයි. එනම් ප්‍රකාශකයා දැනුවත්ව අසත්‍ය තොරතුරු විකාශනය කිරීම හෝ සත්‍යය නොසලකා හැරීමෙන් ක්‍රියා කිරීම ඔප්පු කළ යුතු බවයි. මාධ්‍ය ප්‍රචාරයක්, දෝෂ සහිත වූ විට දී ,එය සැබෑ ලෙස ම ද්වේෂය සහගත ලෙස සිදුකරන ලද්දක් බව තහවුරු කිරීම තරමක් දුෂ්කර වුවකි. ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කළ යුතුවේ. . ඒ පිළිබඳ අතීත උදාහරණ කිපයක්ම මෙහි දී උපුටා දක්වා ඇත.
විදේශීය රටක විකාශනයකින් දේශීය හානියක් ඔප්පු කිරීමේ දුෂ්කරත්වය
තවත් පැත්තකින් නීති විශේෂඥයින් ද අවධාරණය කරන්නේ, දෝෂයක් පිළිගත් පමණින් ම අපහාසයක් සිදුවු බවට ඉන් පිළිගැනීමක් ගම්‍ය නොවන බවයි. එක්සත් ජනපද ප්‍රධාන ප්‍රවෘත්ති ආයතන නියෝජනය කළ මාධ්‍ය නීතිඥවරයකුවන ෆ්ලොයිඩ් ඒබ්‍රම්ස් ප්‍රකාශ කරන්නේ, අධිකරණමය වැරදි සහ හිතාමතා සිදුකෙරෙන අසත්‍යය දෑ අතර වෙනස හඳුනා ගැනීම ප්‍රමුඛ වන බවයි . දැනුවත්ව අසත්‍යක් නොවන දැඩි විවේචනාත්මක පුවත්පත් කලාව පවා නීතිය මගින් ආරක්ෂා කරන බව ඒබ්‍රම්ස් පවසයි.
ෆ්ලොයිඩ් ඒබ්‍රම්ස්
ට්‍රම්ප්ගේ මෙම අධිකරණමය කටයුත්තට තවත් බාධාවක් වන්නේ මෙම වැඩසටහන එක්සත් රාජධානියේ නිෂ්පාදනය කර විකාශනය කරන ලද්දක වීමයි. ප්‍රධාන වශයෙන් බ්‍රිතාන්‍ය ප්‍රේක්ෂකයින් වෙනුවෙන් වු මාධ්‍ය නඩු කටයුතු පිළිබඳ විශේෂඥවරියක් වන මහාචාර්ය ලෝරා හෑන්ඩ්මන් ප්‍රකාශ කරන්නේ නඩුව ගොනු කර ඇති එක්සත් ජනපදය තුළ ට්‍රම්ප් තම කීර්ති නාමයට හානියක් සිදුවු බව සාධාරණ ව පෙන්නුම් කළ යුතු බවයි. විදේශීය රටක විකාශනයකින් දේශීය හානියක් ඔප්පු කිරීම සාමාන්‍යයෙන් දුෂ්කර කටයුත්තක බව ඇය සඳහන් කරයි, මෙම වඩසටහන එක්සත් ජනපදය තුළ පුළුල් ලෙස විකාශනය නොවූ විට එය තව දුරටත් දුස්කර වේ.
එමෙන්ම ට්‍රම්ප්ගේ මෙම නඩුව පවරන්නේ රැවටිලිකාර සහ අසාධාරණ වෙළඳ පිළිවෙත් තහනම් කරන ෆ්ලොරිඩා පවතින නීතියක් උල්ලංඝනය කළ බවට චෝදනා කරමිනි.
විවෙචනය සහ අපහාසය වෙන් කර ගැනිමේ වගකීම මාධ්‍යවෙදීන් වෙත
ට්‍රප්ම් ඉල්ලා සිටින හානිවල පරිමාණය පිළිබඳව ද විශේෂඥයින් ප්‍රශ්න කරයි. එක්සත් ජනපද අධිකරණවල පවා මේ ආකාරයේ අපහාස වන්දී ඉල්ලා සිටින පරිමාණයේ තීරණය වන්නේ කලාතුරකින් බවයි ඔවුන් ගේ අදහස වන්නේ. විශේෂයෙන් හොඳින් ස්ථාපිත මහජන විකාශකයින්ට එරෙහිව මෙවැනි නඩු . ජයග්‍රහණයකින් කෙළවර නොවුන ද මාධ්‍ය ආයතනවලට අභියොග කිරිමේන් දේශපාලනිකව ඔවුන්ට වාසිදායක විය හැකි බව ද තවත් අදහසකි.

අධිකරණ ක්‍රියාව කෙසේ වෙතත් මෙම සිදුවීම මගින් ජනමාධ්‍යකරුවන් ගේ වගකීම සහ මාධ්‍ය නිදහස පිළිබඳ විවාදය නැවත ඉදිරියට පැමිණ ඇත. මාධ්‍යවේදීන් නිරවද්‍යතාව සහ ප්‍රකාශනය, විමර්ශනාත්මක වාර්තාකරණයේ දී භාවිතාකිරිමෙ දී අපහාස නීතිය උල්ලංඝනය නොවිමට වගබලා ගැනීම පිළිබඳව අධිකරණ ප්‍රවේශම් සහගත වේ. මහජන නියොජිතයින් විමර්ශනාත්මක වාර්තා කරනයේ දී දැඩි විවෙචනයට ලක්වේ. එහෙත් විවෙචනය සහ අපහාසය වෙන් කර ගැනිමේ වගකීම මාධ්‍යවෙදීන් වෙත පැවරේ.
විශේශයෙන්ම සංස්කරණයේ පිළිගත් මාධ්‍ය සම්ප්‍රදාය වන්නේ අර්ථය, සන්දර්භය හෝ අභිප්‍රාය වෙනස් නොකර පැහැදිලි බව සහ නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීමයි - ඒ සමඟම සාධාරණ, විනිවිද පෙනෙන සහ මහජනතාවට වගකියන ප්‍රකාශනයකි. දිගු කතාවක් තැනින් තැනින් එක් කරගත් කොටස්වලින් විකුර්තිමය අදහස් ගොඩ නගීම අද ඇතැම් මාධ්‍යවල සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.
බීබීසීයට එරෙහිව ප්‍රධාන අධිකරණ ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇති ඉඩකඩ
ඓතිහාසික උදාහරණ මගින් පෙන්වා දෙන්නේ ට්‍රම්ප්ගේ නඩුව දිගු කාලීනව ඇදී යන අධිකරණ කටයුත්තක් විය හැකි බවයි. විශේෂඥයින් පවසන්නේ ට්‍රම්ප්ට බීබීසී හිතාමතා ම නරඹන්නන් රැවටීම සඳහා කතාව සංස්කරණය කර ඇති බවට පෙන්වන පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවයි. එය මාධ්‍යයේ දුර්වලතාවක් ලෙස පමණක් පෙන්වා දීම ප්‍රමාණවත් නොවේ.
අතීත නඩුවලින් ද පෙනී යන්නේ අධිකරණය මාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවත්, සැබෑ ද්වේෂය පිළිබඳ සාක්ෂි ඉල්ලා සිටින බවත් ය. එමෙන්ම සමාව අයැදීම හෝ නිවැරදි කිරීම් දැවැන්ත හානි සඳහා ප්‍රමාණවත් නොවන හේතු ලෙස ද සලකන බවත් ය. නඩුව දේශපාලනිකව හෝ සංකේතාත්මකව ඉදිරියට යා හැකි වුවද, නීතිමය පූර්වාදර්ශ පෙන්නුම් කරන්නේ බීබීසීයට එරෙහිව ප්‍රධාන අධිකරණ ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇති ඉඩකඩ අඩු බවයි.

(සටහන - ටී.එම්.ජී. චන්ද්‍රසේකර)
(Media Activist, Communication Specialist, Media Trainer, Guest Lecturer)
Former Director News , Director Training and Research at Sri Lanka Rupavahini Corporation
Former Specialist / strategic Communications at Information and Communication Technology Agency of Sri Lanka (ICTA)
Former Media consultant at Sri Lanka CERT
උපුටා ගැනීම - Tmg Chandrasekara ෆේස්බුක් පිටුවෙන්..

