මේ බලන්න හානිවූ දේපලවළට වන්දි හෝ ආධාර ලබාගන්න ඉල්ලන ලේඛණ. මේව හැම පැත්තෙම ඉල්ලනවද දන්නෙ නැහැ.
ඔය ඔප්පු, පත්තිරු ගන්න නම් සෑහෙන කාලයක් සහ වදයක් විඳින්න වෙයි මිනිස්සුන්ට, ඒ වගේ ම සෑහෙන රස්තියාදුවක් වෙන්න වෙයි, වියදමක් දරන්න වෙයි. ඒ ලේඛණත් විනාශ වෙච්ච අයට මොනවගේ සහනයක් ද දන්නෙ නැහැ දෙන්නෙ...? කේස් බයි කේස් බලනවද දන්නෙත් නැහැ.
මීට අමතරව තව කොළ පහක් පුරවන්න තියෙනව. ඒ කොළ පහේ ඉල්ලන තොරතුරු නම් සාධාරණයි. නමුත් සාමාන්‍ය මනුස්සයෙකුට නම් ඒ කොළ පහේ තියෙන ඒව පුරවන්නත් බැහැ. ඒකෙ ඉල්ලන සමහර දත්ත දෙන්න විශේෂඥ මට්ටමේ දැනුමක් ඕන. ඒව පුරවල දෙන්න සෑහෙන දැනුමක් තියෙන ස්වෙච්ඡා කණ්ඩායම් වලට පුළුවන් වෙයි. බලන්න උදව් කරන්න. මිනිස්සු අසරණ වෙලා. කොහොම නමුත් කියන තරම් ඉක්මනට මේ සහනාධාර ලැබෙන එකක් නැහැ. මොකද මේව පුරවගත්තත් ප්‍රොසෙස් වෙන්නත් කාලයක් යයි.
(උපුටා ගත්තේ Uvindu Kurukulasuriyaගේ face book පිටුවෙන්)


