ටිකක් slow වුනත් Action thriller ' Father'

ටිකක් slow වුනත් Action thriller ' Father'

Father සිංහල film එකේ premiere එක ඉවර උණා නෙ... සෑහෙන කාලෙක ඉඳලා Father එනවා එනවා කිය කියා අපිට බොරු hopes දුන්න Film එකක් මේක.

අතන මෙතන කයිය ගහන වෙලාවට "මං Film එකට අරවා කළා, මෙහෙම කළා" කියලා ලොකු talks දුන්න නිසා, පොඩි හරි වැරැද්දක් තිබුනොත් පළු අරිනවා කියලා අපි නං දත මැදගෙන හිටියේ. ඒත් මේ හෑල්ල විචාරයක් නෙවෙයි; ඉතාම සරල ප්‍රේක්ෂකයෙක් විදිහට මම Father විඳගත්ත හැටි විතර ම යි.

පපුව නොතිබුණාට ටොප් ඇක්ටින්

මුලින්ම කියන්න ඕනා පූජන දන්දෙණිය තමා වැඩ්ඩා මටනං. පූජනට 'පපුව' තිබුණෙ නැති වුණාට ඇක්ටින් නං ටොප් එකට තියෙනවා. සාමාන්‍යයෙන් Gangster Biography හැම එකකම වගේ තියන බොහොම තැන්පත්, සෑහෙන්න හිතන, slow but steady වගේම අනිත් එවුන් ගැන කැක්කුම තියන ඩෙස්මන් ගෙ main role එක තිතටම පූජන කරනවා. සම්මාන කෙසේ වෙතත් පූජන ගෙ හොඳ movies ආවොත් රසිකයෙක් හැටියට මම නං සතුටු වෙනවා.

12

(ඤානේ) ජගත් මණුවර්ණ ගැන මොනවත් වැඩිපුර කියන්න හොඳ නෑ. පෙරාපු එවුවා ටෙස්ට් කරලා, කාරලා කෙළ ගහලා, කට පිහදාන්න හැම නළුවටම බෑ. එකම කතාව ඇතුළෙ දුවන වෙනස් විදිහේ Gangsters ලා දෙන්නෙක්. ඊට අමතරව ශ්‍යාම් ගැන කියන්න ගියොත් බලන්න ඉන්න සනුහරේ spoil වෙන නිසා ගිහිල්ලාම බලන්න ඒ හරිය මම ඉතිරි කරනවා. එච්චර වටිනවා. සුරාජ් මාපානං චරිතෙ ගොඩ දැම්මෙ නෑ කියලයි මට දැනුණෙ. හැබැයි අනිත් චරිත ටික නරකයි කියන්න දෙයක් නෑ. තමන් ගෙ පාට් එකට සාධාරණයක් කරලා තිබුනා.

 

හොඳ ම පසුබිම් දර්ශන

ඊට අමතරව මං ආසම කෑල්ල තමයි තෝරගෙන තිබුන backgrounds. එවුවා අලුතින් ගෙනත් බස්සපුවා නෙවෙයි, ඇත්තටම හරියටම සීන් එකටම සෙට් වෙන එවුවා. පරණ කාර් හොයන්න වෙච්ච මහන්සිය අපතෙ ගිහිල්ලා නෑ ඔන්න. සේරටම වැඩිය වටින්නෙ film එකේ තිබුණ ඉස්තරම් shots ටිකට. එවුවා ආයෙ ආයෙ බැලුවත් පාඩු නැති තරමේ. ඤානෙ පස්සෙන් ඩන්කන් එළවන එක, අර පරණ වාහන ගොඩේ සිද්ධවෙන මිණී මැරුම වගේ තව මහ ගොඩක් තිබුණා.

අවසානය ටිකක් අවුල්...

film එකේ මුල පටන් ගැනිල්ලත් අවසන් කරපු විදිහටත් මගේ නං කැමැත්තක් නෑ. ඊට වැඩිය ෂොකින් යමක් කරන්න පුළුවන්කම තිබුණා හොඳටම අවසානය පොලිෂ් වෙන්න. සේරමත් හරි Background talking එකනං වැඩක් නෑ. ඒවා සෞම්‍ය ගෙ හඬින් එද්දි හරිම සරල ලේඛීයව රචනාවක් කියෙවුවා වගේ . තලත්තෑනි උනත් ඩෙස්මන් කියන්නේ ම Gangster කෙනෙක් නේ... Film එකේ ඩයලොග්ස් අඩුයි හැබැයි ඊටවඩා වැඩි වුණා නම් acting ගැම්ම නැතිවෙන්නත් තිබුණා. මම නං ඒකට කැමතියි. කොටින්ම මේක Action thriller උණාට ටිකක් slow යන film එකක්. එහෙමයි කියලා film එකේ රසයේ අඩුවක් නං නෑ.

අපි දන්න කියන, බුකියෙ කෙළ ගන්න, හෑලි ලියන, නිතර දකින කියන මූණු ගොඩක් film එකට දායක වෙලා තිබුණා. Film එක ඉවර වෙලා , නම් වැලත් බලලා ම නැගිට්ටොත් හොයාගන්න පුළුවන්, හොරාට Father movie එක develop කරන්න ආව වැඩ්ඩො කවුද කියලා.

ආයෙත් බලනවා නිදහසේ මම නම් 9 වෙනිදා release වුනාම. පුද්ගලයෙකුගෙ ජීවිත කාලයක වපසරියක් ගැන කියවෙන නිසා, ලංකාවෙ දේශපාලන වෙනස් වීම් ටිකත් හෙමිහිට පිටිපස්සෙන් දුවනවා. ඒකත් මරු, වැල් වටාරම් ටිකක් අඩුකළානං.

ගිහිල්ලා බලන්න. මගේනං ආරාධනාව ඒක. සර්ව සම්පූර්ණ films තියේයැ වින්දනය සාපේක්ෂ වෙද්දි.

වැඩිපුර හොඳ නරක කියවාගන්න වුවමනානම් Chaminda Jayasuriya ඔයාගෙ අර බාලගිරි දෝස පාටිය දෙන්න වෙනවා. එකම අවුල හවුල් කාරි Nelum Nisansala Wickramasinghe රට ගම අතෑරල ම ගිහිල්ලා තියන එකයි.

 

 

ජිවන්ති කෝසලා

 

 

 

 

 

ජීවන්ති කෝසලා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න