නිරුවතින් සිට අනෙකාට ගල් ගසන ''මව්වරුන්ගේ පෙරමුණ''

නිරුවතින් සිට අනෙකාට ගල් ගසන ''මව්වරුන්ගේ පෙරමුණ''

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් බොර දියේ මාළු බෑමට ඇතැම් දේශපාලන පක්ෂ සහ සංවිධාන කැසකවන බව රහසක් නොවේ.

මේ ඊනියා සංවිධාන අතර ''මව්වරුන්ගේ පෙරමුණ'' නමින් අටවා ගත් පෙරමුණක් ද පවතී. පසු ගිය දින කිහිපයේ මෙම සංවිධානය නොයෙක් වර ''අපි දරුවන් වෙනුවෙන්'' යන සටන් පාඨය පෙරටු කරගනිමින් මාධ්‍ය සාකච්ඡා ද පැවැත්විය.

මතු පළ වන්නේ මෙම ඊනියා ''මව්වරුන්ගේ පෙරමුණ'' පිළිබඳ යථාර්ථය හෙලි කරන ලියවිල්ලකි.

මෙය ඉදිරිපත් කරනු ලබන්නේ ප්‍රසිද්ධ වෛද්‍යවරියක සහ ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක ද වන තුෂ් වික්‍රමනායක විසිනි.

මව්වරුන්ගෙ භීතිකාව හෙළා දකිමු!

Reject mothers' fear mongering!

ලංකාවේ කාලෙන් කාලෙට මිනිස්සුන් ගෙ මොළ හෝදන ව්‍යාපාර හතු පිපෙනවා වාගෙ මතු වෙනවා. හැමෝම නාඩිය අල්ලන්නෙ "ජාතිය ආගම නැති වෙනෝ" කියලා අමු තක්කඩි දේශපාලන යටි අරමුණක් ඇතිව. වඳ කොත්තු, වඳ බ්‍රා ඇඳපු හෙළ සිංහල යක්ක පුත්තු අඩු වුනාද? නෑ...

අලුත්ම නාටකය 'මව්වරුන්ගෙ පෙරමුණ/Mothers’ movement'. මේ සංවිධානය කියන ළමා කතා එකක්වත් ඇත්ත නොවන බව මම දත්තානුකූලව පෙන්වා දෙන්නම්.

ක්‍රිස්තියානි සංවිධානයක pastor/පූජකවරියක්...?

මේ කවුද? Shanuka Elangasekara පෙරමුණේ සභාපති ලු. ඇය Agape Ministries කියන ජාත්‍යන්තර ක්‍රිස්තියානි සංවිධානයක pastor/පූජකවරියක්. ඒ වගේම Israel Sri Lanka Solidarity Movement සංවිධානයේ නියෝජිතයෙක්. මේ සංවිධානවල මෙහෙයුම Google හරහා දැනුවත් වෙන්න. මේගොල්ලන්ට මූල්‍යමය ආධාර ලැබෙන්නෙ කොහෙන් ද? මැය ශ්‍රී ලංකාවේ දරුවන් ගැන ඇත්තට ම වගකීමෙන් ක්‍රියා කරනවා ද? නෑ...

පොහොට්ටුවේ Chief of Staff...?

සංවිධානයෙ නිර්මාතෘ කවුද? ආරංචි හැටියට ප්‍රබල පොහොට්ටු පාක්ෂික Jehan Hameed සහ Shenali Waduge. Shenali ගෙ FB එකට ගිහිං බලන්න ඇයගෙ දේශපාලන නැමියාව. Jehan පොහොට්ටුවේ Chief of Staff. මෙයා තමයි 2022 දි දොළවත්ත මන්ත්‍රීවරයා යෝජනා කල දණ්ඩ නීති 365 සංශෝධන පනතට එදිරිව ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම ගොනු කළේ. "සමලිංගිකයින් නිසා ළමා ලිංගික අපයෝජන වැඩි වෙනවා" කියපු පුහු තර්කයට ප්‍රතිවිරුද්ධව මම ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක් ලෙස විද්‍යාත්මක දත්ත ඉදිරිපත් කලා. ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම ඒගොල්ලො දින්න ද? නෑ...

කලක් නිහඬව ඉඳලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවුලත් එක්ක එළි බැහැලා මේ කරන්නේ ඇත්තටම ඔබට හෝ ඔබේ දරුවට යහපතක්ද? නෑ...නෑ... නෑ...

අපේ දරුවන්ගෙ අයිතිය නැති වෙනව ද...?

ලෝකෙ වටා ආදර්ශ අරං ලංකාවෙ දරුවන්ගෙත් අයිතීන් විනාශ වෙනෝ කියලා බොරු ප්‍රකාශ කිරීම. ලංකාව ඇතුළුව මුළු ලෝකයේ ම එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට/UNCRC අත්සන කරලා තියෙන්නෙ රටවල් 196 යි. එයින් ඇමෙරිකා එක්සත් ජනපදය/USA විතරයි එය ratify/තමන් ගෙ රටේ නීති පද්ධතියට එකතු කරනවා කියලා අත්සන් කරලා නැත්තේ. ඒ නිසා ම යි එරටේ ළමයින්ව වෙඩි තියල මරන්නෙ සහ වෙනත් අපරාධ වෙන්නෙ. ඉතිං ඒ රටේ එක් එක් ප්‍රාන්තයට අදාළ පළාත් නීති අනුව සිද්ධ වෙන දෙයක පිංතූරයක් උස්සගෙන ලංකාවට ආදේශ කරලා 'අපේ දරුවන්ගෙ අයිතීන් නැති කරනවෝ' කියලා මොර දෙන එක හරි ද? නෑ...

''ගැහැනු එක මිටට'' වගේ ම බොරුවක්

බෞද්ධ නොවෙන මේ කාන්තාවන් මෙරට බහුතර සිංහල බෞද්ධ දරුවන් ගැන ඇති ව්‍යාජ කැක්කුම. තමන් ගැතිවුණු දේශපාලන න්‍යාය පත්‍රයේ පදයට නටන මිනිස්සු ඉස්සෙල්ලාම ගහන්නෙ ඔබේ විශ්වාසයට. ඒ ඔබේ ජාතිය සහ ආගම. ඊළඟට ගහන්නෙ ඔබේ හිතවතුන්ට. ඒ ඔබේ පවුල සහ දරුවන්. ගැහැනු එක මිටට කියලා ගෙනාපු බොරුව වගේමයි මේ අම්මලගෙ නාඩගම. ඔබ මෙවන් බලවේගවලට තවත් රැවටෙනව ද? එපා...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එදිරිවෙන මුවාවෙන් මෙරට ළමා අපයෝජන පාරාදීසයක් බවට පත් කිරීම. ඔව්, අපි එකඟයි මේ ප්‍රතිසංස්කරණවල වැරදි තියෙන බවත්, ඒවා නිවැරදි විය යුතු බවත්. ඒත් සෑම පැය 2කට වරක් මේ ධර්මද්වීපයේ දරුවෙක් ලිංගික අතවරයකට ලක් වෙනවා. මෙරට බරපතළ අපරාධවලින් තුන්වෙනි තැනට ලිංගික අපයෝජන ඉහළ ගිහිල්ලා. සෑම ආකාරයේ ම ළමා අපයෝජන ෆයිල් 40,000ක් හිරවෙලා. එවැනි තත්ත්වයක් මැද ලිංගික අපරාධ වැළැක්වීමට ශිෂ්ට සම්පන්න දියුණු ලෝකය පිළිගත් එකම උපක්‍රමය දරුවන්ට වයසට සරිලන ලිංගිකත්ව අධ්‍යාපනය/age appropriate sexuality education ලබාදීම යි. තමන්ගෙ දරු පවුල් ආරක්ෂිත රටවල්වල වැජඹෙද්දි මෙවැනි සංවිධාන හරහා ඔබේ දරුවන් අනාරක්ෂිත කිරීම ඔබ පිළිගන්නවා ද? එපා...

මම විවෘත ආරාධනාවක් කරනවා Shanuka ට මාත් සමඟ ළමා අයිතිවාසිකම් ගැන සාකච්ඡාවක් කරන්න. SL VLOG, Bruno Diwakara, Abisheka Fernando මේක යථාර්ථයක් කරලා දෙන්න.

කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි - මව්වරුන්ගේ භීතිකාව හෙලා දකිමු!

තුෂ් වික්‍රමනායක

maxresdefault

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න