වර්තමානයේ පවතින්නේ කුසගින්න හේතුවෙන් ආහාර ගැනීමේ ක්‍රමයක් නොව ආශාව පදනම් කරගෙන ආහාර ගැනීමේ ක්‍රමයක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
දීප්ති මෙමඋදාහරණය ඉදිරිපත් කළේ ලෝකයේ දේශපාලන නායකයින් බිහිවන්නේ සහ ඔවුන් බලය අත්පත් කරගන්නේ සැබෑ ලෙස ම ජනතාවගේ වුවමනාවට නොව සමාජ මාධය සහ වෙනත් තාක්ෂණික ක්‍රම භාවිත කරමින් දියත් කරන දේශපාලන ප්‍රචාරණ ක්‍රමවේදවලින් යන්න සනාත කිරීම පිණිස ය.
පක්ෂයක් යනුවැඩ පිලිවෙළක් මිස පුද්ගලයකු නොවන්නේ යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
පක්ෂවල පැවති තාර්කික භාවය අවසන් වන්නේ 2015 වසරෙන් පසුව පැමිණි සමාජ මාධ්‍ය බලපෑමෙන් යැයි ද විපුල මෙහි දී අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

