ලසන්ත වික්‍රමතුංග ජනතාවට සම්මුඛ කරවීමේ කර්තව්‍යයේ කර්තෘකාරකයා වශයෙන් තමා ගේ නම සඳහන්ව ඇතත්, ඇත්තටම එය හුදෙකලා වික්‍රමයක් නොව සමූහයක් වශයෙන් ගත් දැවැන්ත පරිශ්‍රමයක ප්‍රතිපලයක් යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිති පීඨයේ හිටපු මූලාසන මහාචාර්ය, මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනි ආචාර්ය දිපිකා උඩගම පැවසුවා ය.
ආචාර්යවරිය මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී සනත් බාලසූරිය විසින් රචිත ''Who is Lasantha? - රාජ්‍ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා...'' කෘතිය ජනගත කළ අවස්ථාවේ දී ය.
ඇතැම්හු එහි නමින් ම පෙනී සිටින අතර ඊට වඩා විශාල පිරිසක් එහි නිර්නාමිකව ද පෙනී සිටින බවත්, ඒ කොහොමින් හෝ ඔබ මෙතෙක් නෑසූ-නොදුටු තොරතුරු සම්භාරයක් තමන් වටා ගොඩනැඟෙන්නට ඉඩහරිමින් ලසන්ත ඒ මැදින් නැගීසිටින බව ඒ සමූහයේ ප්‍රකාශකයා වශයෙන් තමන් ජනතාවට පවසන්නේ යැයි ද ආචාර්ය දිපිකා උඩගම වැඩි දුරටත් සඳහන් කළා ය.
මතු පළ වන්නේ ආචාර්ය දීපිකා උඩුගම එම අවස්ථාවේ දී කළ සම්පූර්ණ කතාව අන්තර්ගත විඩියෝව යි.
මෙම වීඩියෝව උපුටා ගත්තේ Don Maya Unedited Sinhala දොන් මායා you tube නාලිකාවෙනි.

