නලින්ද ජයතිස්ස අසමත් ඇයි...? - Ideas front වීඩියෝවක්

නලින්ද ජයතිස්ස අසමත් ඇයි...? - Ideas front වීඩියෝවක්

සෞඛ්‍ය අමාත්‍යාංශය යනු ඉතා කල්පනාකාරිව මෙහෙය විය යුතු අමාත්‍යංශයක් බවත්, එහි දී පළමුවෙන් ම කළ යුත්තේ ප්‍රමුඛතා ලයිස්තුවක් සකසා ගැනීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වරදවා ගෙන ඇත්තේ ප්‍රමුඛතා ලයිස්තුව සැකසීම පසෙක තිබිය දී දූෂණ වංචා විෂය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කිරීම යැයි ද දීප්ති අවධාරණය කළේ ය.

අලුතින් වෛද්‍ය සේවයට එකතු වන වෛද්‍යවරයකුට නිවසට රැගෙන යා හැකිවන්නේ රුපියල් 1,50,000 පමණ වැටුපක් පමණක් යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඒ අනුව බලන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගයේ යථාර්ථය නම් මූල්‍ය අර්බුදය යැයි ද හෙතෙම පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

 

 

සටහන - ජයසිරි අලවත්ත

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න