ගෝත්‍රික නොවන විපක්ෂයක් හදමු ද...? - Ideas front වීඩියෝවක්

ගෝත්‍රික නොවන විපක්ෂයක් හදමු ද...? - Ideas front වීඩියෝවක්

තමන් ඇතුළු කණ්ඩායම නිර්මාණය කිරීමට උත්සාහ කරන්නේ ගෝත්‍රික නොවන විපක්ෂයක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

අපේ තර්ක ක්‍රමය විය යුත්තේ අපේ රට පිළිබඳ අවධානය යොමු කරන ක්‍රමයක් බවත්, ආණ්ඩුව මෙන් ම විපක්ෂය ද තමන් ඇතුළු කණ්ඩායමට දොස් පවරන්නේ ද මේ හේතුව නිසා බවත් දීප්ති අවධාරණය කළේ ය.

රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි 1965 පමණ සිට උත්සාහ කළ ද එය වෙනස් කිරීමට නොහැකි වූයේ මෙරට මෙතෙක් පැවති සහ වර්තමාන විපක්ෂය වුව ද එළඹෙන මොහොතේ බලය ලබාගැනීමට උත්සාහ කිරීම හැර අනාගත සැලසුමක් සහිතව කටයුතු නොකිරීම හේතුවෙන් යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

 

සටහන - ජයසිරි අලවත්ත

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න