ලංකාව ඩිජිටල්කරණයට ලක් කරන බව පැවසුව ද උප්පැන්න සහතිකයේ පිටපතක් ලබාගැනීම පවා අසීරු තත්ත්වයක පවතින්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ඔහු සිය උප්පැන්න සහතිකයේ පිටපතක් ලබාගැනීමට ගොස්, සියලු නිවැරැදි තොරතුරු ලබා දුන්න ද පැය දෙකකට අධික කාලයක් ගතකර අවසානයේ ඔහු අතට ලබා දුන්නේ තමන් ගේ නොවන උප්පැන්න සහතික පිටපතක් යැයි හෙතෙම වැඩි දුරටත් පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

