නීතීඥ අචාරධර්ම සහ නීතීඥ සංගමයේ පරස්පරය

නීතීඥ අචාරධර්ම සහ නීතීඥ සංගමයේ පරස්පරය

ඝාතනය කළ නීතීඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහු ගේ බිරිඳ නිසා නීතීඥ සමාජය විශාල වශයෙන් ද අවශශේෂ සමාජය යම් ප්‍රමාණායකට ද කැලඹී ඇත. ඝාතනය කළ නීතීඥයින් අතළොස්සක් ඉන්නව. ඒ කවුරුවත් නීතීඥ වෘත්තියේ යෙදීම නිසාම ඝාතනය වුණා දැයි අප කවුරුවත් දන්නේ නැත.

වෙනත් නීතිඥ ඝාතන

විජේදාස ලියනාරාච්චිව ඝාතනය කළා, කුමාර් පොන්නම්බලම්ව ඝාතනය කළා. නඩරාජා රවිරාජ්ව ඝාතනය කළා. ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කළා. මේ අයත් නීතීඥයින්. මේ ඝාතන හතරක් විතරක් මම මතක් කළේ සංකේතාත්මකව. මොකද ඔතන මම නම් කියපු අයගෙන් විජේදාස ලියනාරාච්චිව හැර අනිත් තිදෙනා ම මම පෞද්ගලිකව ඇසුරු කරපු අය වන අතර, රවිරාජ් ගේ සහ ලසන්ත ගේ දේහයන්ටත් කරගහල තියෙනව.

තව නීතීඥයින් ගණනාවක්ව ම ඔය අතර මැද්දෙ ඝාතනය කරල තියෙනව. අවසානයේ දී  රටම කැළඹ වූ තව ඝාතනයක් කරල. ඒකට කැළඹෙන්න හේතුව සමහර විට එයාගෙ බිරිඳත් එක්කම ඝාතනය කිරීම වෙන්න ඇති.

විජේදාස ලියනාරච්චි

විජේදාස ලියනාරච්චිමට මතක මගේ ජීවිත කාලෙ ඝාතනය කරන ලද පළමු වෙනි නීතීඥයා, 1988 අගෝස්තු 5 දා පැහැරගෙන ගොස් දස වද දී බටලන්දේ දී මරා දැමූ විජේදාස ලියනාරච්චි. නමුත් ඔහුව ඝාතනය කරන ලද්දේ ජවිපෙ රහසිගත 'කැංගරු උසාවියේ' නඩු අසා ජවිපෙට විරුද්ධ අය ඝාතනය කිරීමට නියෝග දුන් නිසා බව ඔහුට විරුද්ධව එකල සිටම කරන ලද ප්‍රසිද්ධ චෝදනාව වේ. ඇත්ත නැත්ත අපි දන්නෙ නැහැ, මොකද නොවිසඳුණු ඝාතන අභිරහසක් ඒක. සාක්කි තියෙන්නෙ රනිල්ගෙ බටලන්ද වධකාගාරයට විජේදාස ලියනාරච්චිව ගෙනාව තැන සිට මරණය දක්වා එයාව ගෙනියපු ඒව ගැන නෙ. ඒත් සාක්කි තියෙත්දිත් ඒක ගැනවත් ප්‍රශ්න හරියට තාම විසඳන්න අපේ අධිකරණ ක්‍රියාදාමය අසමත් වෙලා තියෙනව.

 

 කුමාර් පොන්නම්බලම්

කුමාර් පොන්නම්බලම්ව ඝාතනය කළේඔහු චන්ද්‍රිකා ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාකාරීව විරුද්ධ වූ නිසාය, එහෙත් ඔහුව මරා දැමුවේ ඔහු ගණිකා මඩමකට ගොස් ඇති වූ ප්‍රශ්නයක් මත යැයි රාජ්‍ය මාධ්‍යවලින් මරණය යට ගැසුව ද, ඇත්ත කතාව ඔහුගේ මරණය දේශපාලන ඝාතනයක් බව ය; එය යට ගැසූ බව ය. අපි තාමත් එම ඝාතනයේ ඇත්ත නැත්ත දන්නේ නැත. මේ පිළිබඳ පරීක්‍ෂණ ඉතාම හොඳින් ගොස් තිබුණ ද අතර මැද නතර වී ඇත.kumarකුමාර් පොන්නම්බලම්

නඩරාජා රවිරාජ්

රවිරාජ්ව මරා දැමුවේ ඇයි? රාජපක්‍ෂලා කොටින්ට විරුද්ධව යුද්ධ කරන කාලේ උතුරේ මන්ත්‍රීවරයෙකු වූ ඔහුට, සිංහලෙන් දකුණේ ජනතාව ඇමතීමට තිබූ දක්‍ෂතාව නිසා බව එක සැකයකි. එමෙන්ම ඔහු කුමාර් රූපසිංහ සමග යුධ විරෝධී දකුණේ සිවිල් ව්‍යාපාරයේ නායකයෙකු වූ බව තවත් සැකයකි. ඔහුට විරුද්ධව වෙනන් කිසිම චෝදනාවක් මම අසාවත් නැත. ඒත් ඒ ඝාතනයටත් තවමව සාධාරණයක් වී නැත. එය තවමත් නොවිසඳුනු අභිරහසකි.

nadaraja1

ලසන්තත වික්‍රමතුංග

lasanthaලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් ප්‍රධාන සංස්කාරක ලෙස නඩු හබ ගණානාවකට පැටලී සිටිය ද, නීතීඥ ලෝගු දමා උසාවි ගිය ද, ඔහුව ඝාතනය කළේ ජනමාධ්‍යකරුවෙකු වූ නිසාවත්, ඔහු නීතීඥයෙකු වූ නිසාවත් නොව ඔහු ඉන්දියානු රජයේ ඔත්තුකරුවකු ලෙස රාජපක්‍ෂ රජය පෙරළීමට සැලසුම්සහගතව ක්‍රියා කළ නිසා බව, ඔහු ඝාතනය කරන තෙක් ම එකම පත්තරේ වැඩ කළ ඔහුගේ බිරිඳ, සම්මානලාභී ජනමාධ්‍යවේදිනිය නීතීඥ සොනාලි සමරසිංහ මා සමග පවසා ඇත. ඇය කී දෙයෙහි ඇත්ත නැත්ත මම නොදනිමි. ඒත් ඇය කී දේ සහ මා ඒ ගැන ලියූ දේ මෙතනින් කියවන්න:

The Politics Of The Decision To Kill Lasantha – According To Wife It’s Not Related To Journalism - By Uvindu Kurukulasuriya – (08 january, 2013.) 

දැන් පසුගිය 14වන දා නීතීඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම නිසා නීතීඥ සමාජය විශාල වශයෙන් ද අවශෂේශ සමාජය යම් ප්‍රමාණායකට ද කැලඹී ඇත. ඒ ඝාතන කරන ලද්දේ කුමන හේතුවක් නිසා ද කියා වුවත් අප තවම දන්නේ නැත. තවමත් අප දන්නේ කලින් ම පැනලා දුන් පොලිස් මධ්‍ය ලොක්කා කියපු අල කරපු කතා විතර ය.

වෘත්තිමය තීරණය

අගවිනිසුරු ශිරානි බන්ඩාරනායකව ඉවත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ලංකාව පුරා සිටින නීතීඥ සංගමයේ සාමාජිකයින් ගේ රැස්වීමක් පැවැත්වූවාට පසුව, දශකයකට වඩා පසුව මහා සභා රැස්වීමක් කැඳවා ඒ අය සියලු නඩුකටයුතුවලින් ඉවත්වන බව තීරණය කර ඇති බව දන්වා ඇත. ඒක ඒ වෘත්තියේ යෙදෙන අයගේ තීරණයක්. නමුත් මේවා නොවිසඳුණු ප්‍රශ්න ය. මට ප්‍රධාන ප්‍රශ්න දෙකක් මතු කිරීමට සිතේ. නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ගෙන් මාධ්‍යවේදීන් අසන ප්‍රශ්නවලට ඔහු දුන් පිළිතුරු නිසා ය මට මේව මතු කරන්න හිතෙන්නෙ. [මා මේ අදහස් දක්වන්නේ රජිව් විසින් දෙන ලද වොයිස්කට් ඇසීමෙන් පමණි. එහෙත් ඔහු මීට වඩා සංයුක්තව යමක් කියන්නට ඇතැයි සිතන්නේ, ඒ ඔහු ගරුකට යුතු නීතිඥයකු නිසාය.]

shirani ශිරානි බන්ඩාරනායක

ආචාරධාර්මිකත්වය

පළමු වැන්න නීතීඥ සංගමයේ සභාපති රජීව් ගෙන් අසන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ; නඩුවක එක චූදිතයෙකු වෙනුවෙන් පෙනී ඉඳල, ඊට පස්සෙ ඒ චූදිතයාට ම ප්‍රතිවිරුද්ධ පාර්ශවය වෙනුවෙන් [ඔහුගේ සතුරෙකුගේ] තවත් අවස්ථාවක පෙනී සිටීම ආචාරධාර්මික ද කියල. රජීව "මේ නිශ්චිත ප්‍රශ්නයට" හරි උත්තරයක් දෙන්නේ නැත.

මෙතන ලොකු ප්‍රශ්නයක් ඇත. මගේ මතකයට එන ලොකුම ප්‍රශ්නය ලසන්තගේ මිග් ගණුදෙණු නඩුව ය. ලසන්ත මිග් ගනුදෙනුවේ දූෂණය ගැන ලියූ විට, මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ය. ඔහු ආරක්‍ෂක අමාත්‍ය ධූරය දැරූ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වූද, ප්‍රධාන ගණන් දෙන නිලධාරියා ද වූ ඔහු ගේ සහෝදර ගෝඨාභය රාජපක්‍ෂ විසින් මිග් ගණුදෙනුනුවේ දී කරන ලද බිලයන ගණනක දූෂණය ලසන්තගේ පත්තරයේ ප්‍රසිද්ධ කළ විට ගෝටා පවරන නඩුවේ දී ලසන්ත වෙනුවෙන් වැඩ කළේ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා ය.

ඒවා සියල්ල මෙතනින් කියවන්න:

MiG Deal 

සහ

Romesh de Silva 

නමුත් ලසන්තගේ දේහය බොරැල්ල කනත්ත දක්වා අපි රැගෙන ගිය පෙළපාලියේ ආ ජනාධිපති නීතීඥ රොමේශ් ද සිල්වා ලසන්තව මිහිදන් කළ පසු කළ දේ මතකද?

romesh

පස්සෙ මොකද උනේ? - කතාව කෙටියෙන්;

මිග් නඩුවෙන් රොමේෂ් අයින් වුණා. එනම් [ගෝටා එරෙහිව ලසන්ත සහ සන්ඩේ ලීඩර් නඩුව] රොමේෂ් කීවේ එයා ගල්කිස්ස උසාවියේ පෙනී සිටින්නේ නැහැ කියා ලසන්තගේ නඩුවෙන් ඉවත්වන බව. ඒ රොමේෂ් ම පසුව ගෝට වෙනුවෙන් උසාවියේ පෙනී හිටිය විතරක් නෙමෙයි, පස්සෙ කාලෙ ගෝට ජනාධිපති වෙලා ව්‍යවස්ථාව වෙනස්කරල අලුත් ව්‍යවස්ථාවක් හදන්න දාල කෝටි ගාණක් සල්ලි විනාශ කරපු කමිටුවෙ ප්‍රධානියාත් වුණා.

තව ගොඩක් ලියල තියෙනව මේ ගැන හරි ද; මතක නැති අය මෙතනින් කියවන්න:

Apology To Gotabaya By The Sunday Leader

By Lal Wickrematunge – (08 March, 2015.)

නීතිඥයින් ගේ දෙබිඩි බව

දෙවෙනි ප්‍රශ්නය: රජීව් ගෙන් මාධ්‍යවේදී අය අහනව අපරාධකාරයො වෙනුවෙන් ඔය අය පෙනී ඉන්නව ද කියල. එයා කියනව, ඔව් නීතියේ සහය ලබාගැනීමට හැමෝට ම අයිතිය තියෙනව, කියල මූලධර්ම පැහැදිලි කරනව. නමුත් මෑත කාලීනම උදාහරණය; අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක්ව ලිංගික බලහත්කාරයකට ලක් කළා කියල චෝදනාවක් ආව. වෛද්‍ය සංගම් පුවත්පත් සාකාච්ඡා තියල ලොකු සද්දයක් දැම්ම තමන්ගෙ සහෝදර වෛද්‍යවරිය වෙනුවෙන්. දවසක් ස්ට්‍රයි කළා. සැකකරුවෙක් අත්අඩංගුවට ගත්ත. දැන්? ඊට පස්සෙ හොඳටම වද බන්ධනයට බඳුන් කරල, ගුද මාර්ගයටත් පොලු බස්සල, පොලිසිය උසාවි ගෙනාව සැකකරු වෙනුවෙන් නීතීඥයො පෙනී හිටියෙ නැහැ. නීතීඥ සංගමයත් රජයේ වෛද්‍ය සංගමයට සහය පළකරල ඒ සැකකරු වෙනුවෙන් නීතීඥ සහය දීමෙන් වැළකී හිටියා.

anura1

ලොකු පරස්පරයක් තියෙනව මේ අය කියන කතාවල. ඒකයි මට මතුකරන්න ඕන වුණේ.

uvindu

 

උවිඳු කුරුකුලසූරිය

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න