මම හැමදාම කියනවා වගේ සිංහල බෞද්ධ ථෙරවාදී භික්ෂු බහුතරය අන්ත ප්‍රතිගාමී, නූතනත්වයට විරුද්ධ වැඩවසම් කණ්ඩායමක් වේ.
21 වන ශත වර්ෂය මැද දිවි ගෙවන ශ්‍රී ලංකාව ලෝකයේ නොදියුණු දුප්පත් රටක් වශයෙන් පැවතීමට ප්‍රධාන හේතුව වන්නේ මොවුන් කණ්ඩායම ය. මොවුන් ගේ නම ඉදිරියේ ආචාර්ය, මහාචාර්ය පට්ටම් තිබුණත් මොවුන් ඉතාම පසුගාමී සහ තක්කඩි වේ.
කැලණි ගඟ දෙබෑ කරමින් පැමිණි නාග රාජයා
2019 දී ගෝඨාභය වෙනුවෙන් කැලණි ගඟ දෙබෑ කරමින් නාග රාජයෙක් පැමිණි බව පෙන්වමින් ජනතාවට ගොනා ට ඇන්දුවේ මොවුන්ගේ එක් අයෙකි. ගෞතම බුදුන් සිය දේශනාවලින් පහර දී එකල දඹදිව මිත්‍යා දෘෂ්ටි ක බමුණු මත බිඳ දැමූ අතර ලංකාවේ උන් වහන්සේ ගේ ශ්‍රාවකයන් යැයි කියමින් මේ බමුණන් ශාසනය අරක් ගෙන ඇත. ලංකා ඉතිහාසයේ බිහි වු දූෂිතම පමණක් නොව පාතාල නායකයෙක් බඳු වූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මගින් මහින්ද යාපා අබේවර්ධන ලා ගේමක් ගසා පත් කර ගත් අවස්ථාවේ එම පත්වීමට එරෙහිව මම සහ නීතීඥ මංජුල පතිරාජ මහතා SC FR Application N0: 06/2024 යන අයදුම් පත්‍රය ගොනු කර ඔහු ගේ පත්වීම අභියෝගයට ලක් කළ අතර ඉන් අප හට අවශ්‍ය වූයේ ලංකාවේ ජනතාවගේ ජීවිත සහ දේපළවල ආරක්ෂාව මෙන්ම මහජන සාමය ආරක්ෂා කළ යුතු පොලීසියේ පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමෙන් වෙන හානිය පෙන්වා ඔහු එම තනතුරෙන් එලවා දැමීම යි.

බමුණු මහණුන් හත් දෙනෙක්
ඔහු පොලිස්පති ධුරයට පත් කිරීම වැළැක්වීම සඳහා යම් බලපෑමක් කිරීමට හැකිව තිබූ දේශපාලන පක්ෂ පවා දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිකමට පත් කිරීම ටිරාන් අලස් ගේ වුවමනාව නිසා කිසිදු පියවරක් නොගත්තේ ය. කෙසේ හෝ අප සහ තවත් පාර්ශව කීපයක් මූලික අයිතිවාසිකම් නඩු කීපයක් ගොනු කර ඔහුගේ පත්වීම අත් හිටවූහ. වර්තමාන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට වැඩ බලන පොලිස්පති ලෙස පත් වීමට හැකි වූයේ අපේ ඒ පියවර නිසා ය. ඒ අල්ල පනල්ලේ මම කලින් සදහන් කළ පරිදිම මේ ප්‍රතිගාමී, බමුණු මහණුන් හත් දෙනෙක් අපගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ට මැදිහත් වී දේශබන්දු වැනි දූෂිතයෙක්, පාතාල නායකයෙක් ආරක්ෂා කර ගැනීමට පැමිණ එයට අතරමැදි පාර්ශවයක් ලෙස ඇතුළත් වීමට ඉල්ලා සිටිමින් අපගේ අයදුම් පත් ප්‍රතික්ෂේප කර දේශබන්දු ව ආරක්ෂා කිරීමට පෙරමුණ ගත්හ. කෙසේ වෙතත් යුක්ති ගරුක ජනතාවගේ අභිමතාර්ථ ඉෂ්ට කරමින් ගරු අධිකරණය මේ බමුණන්ගේ, කහකඩයන්ගේ ඉල්ලීමට ඉඩ නොදී අතරමැදි පාර්ශවයක් වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.

එසේ දූෂිත, පාතාල නායක දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි මේ කණ්ඩායමේ ප්‍රධානියා කොතරම් ප්‍රතිගාමී බමුණෙක්ද යන්න මේ ළඟකදි පැවති චිවරධාරීන් ගේ සමුළුවේ දී ලිංගික අධ්‍යාපනය පිළිබඳ කළ මුග්ධ කතාවෙන් මනාවට තහවුරු වේ. ලංකාවේ විශ්වවිද්‍යාලවල කුලපතිකම්, මහාචාර්යකම් කරන්නේ මෙවැනි අය නම් කුමන කතා ද? මොවුන්ට කුස පොත්ත දිගහැරෙන්නට ජරවා කැවූ රාජපක්ෂලා වෙනුවෙන් ඕනෑම අවස්ථාවක නොපැකිළිව පෙනී ඉන්නා බව එම සඟ සමුළුව නම් අටංපහුරෙන් මනාව පැහැදිලි වේ.
දේශබන්දු බේරා ගැනීම සඳහා පැමිණි අය වන්නේ: 1. මහාචාර්ය කොටපිටියේ රාහුල, 2. අකුරටියේ නන්ද, 3. අගලකඩ සිරිසුමන, 4. ඉඳුරාගාරේ ධම්මරත්න, 5. බෝදගම චන්දිම, 6. උඩුවෙ ධම්මාලෝක සහ 7. මැදගොඩ අභයතිස්ස යන අය යි.

නීතිඥ - නාමල් රාජපක්ෂ

