ටිල්වින් සිල්වා ගේ ඉන්දීය සංචාරය: නිල ද, නිල නොවන්නක් ද...? Ideas front වීඩියෝවක්

ටිල්වින් සිල්වා ගේ ඉන්දීය සංචාරය: නිල ද, නිල නොවන්නක් ද...? Ideas front වීඩියෝවක්

පහළ පන්තියේ කණ්ඩායම් පාලන බලයට පැමිණීමේ දී ව්‍යවස්ථාව භාවිත කිරීම සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නොදක්වන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

විශේෂයෙන් ම ජනප්‍රියවාදය මතින් බලය ලබාගන්නා පිරිස් බලයට පැමිණි පසු රටෙහි පාලන කටයුතු කරන්නේ ඔවුන් ගේ නිවෙස් පාලනය කරන ආකාරයෙන් යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයකුට; එනම් පක්ෂ ලේකම්වරයාට රටක් නියෝජනය කරමින් තවත් රටක සංචාරයකට සහභාගි විය නොහැකි බවයි.

එමෙන් ම එම ලේකම්වරයා විදේශයකට ගියේ හුදෙක් පුද්ගලික ආරාධනයකට අනුව නම් එම පුද්ගලයා ගේ විදෙස් ගමන් තෙරතුරු රාජ්‍ය මාධ්‍ය ඔස්සේ විකාශනය කරන්නේ කුමන පදනමෙන් ද යන්න ද හෙතෙම විමසා සිටියේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න