අගතිවලින් මිදුණු එක ම සමාජ විද්‍යාඥයා ලෙස නම් කළ හැකි වන්නේ නිව්ටන් ගුණසිංහ පමණක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
වර්තමානයෙහි සමාජ විද්‍යාඥයින්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත්කරණු ලබන ප්‍රවාද සඟරාවේ වුව ද ගුණාත්මක භාවය අඩු වී තිබෙන බව ද දීප්ති සිහිපත් කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ සමාජ විද්‍යාඥයින්ගේ සංගමය ආණ්ඩුවේ ජනප්‍රියතාව ගණනය කර ඇත්තේ: චූලනී කොඩිකාර ගේ පවුලේ පිරිස, නිර්මාල් රංජිත් දේවසිරි ගේ පවුලේ පිරිස, ප්‍රදිප්ලා ගේ පවුලේ පිරිස සහ සහ තවත් පවුල් කිහිපයක පිරිස ගේ කැමැත්ත අනුව බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

