දක්ෂතාවය විතරක් තිබිලා මදි හෑදෑරීමත් තියෙන්න ඕනේ - | Himesha Dilki

දක්ෂතාවය විතරක් තිබිලා මදි හෑදෑරීමත් තියෙන්න ඕනේ - | Himesha Dilki

රංගනය ඇතුළු ඕනෑම දෙයක් වෘත්තීය මට්ටමින් සිදු කිරීමේදී එය යම් හෑදෑරීමක් සහිතව කළ යුතු බව තමා විශ්වාස කරන බවද,

දක්ෂතාවය තිබීම පමණක් ප්‍රමාණවත් නැති බවද හෑදෑරීම තුළින් තමන් සිදු කරන දේ පිළිබඳව මනා අවබෝධයකින් හා වඩාත් හොඳින් එය කළ හැකි බව නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනී හිමේෂා දිල්කි පවසනවා.

ඇය මේ අදහස් බෙදා හදා ගත්තේ මෙවර තවත් ‘mirror arts’ කතා බහක් සමග එක් වෙමිනුයි.

වේදිකාවේ මෙන්ම පුංචි තිරයේද එක ලෙස සිය දක්ෂතා ප්‍රකට කරන හිමේෂා මෙවර කතා බහ සමග එක් උනේ සිය වේදිකා නාට්‍ය දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයන් දෙකකට පසුව වීමද විශේෂත්වයක්.


එනම්, පසුගියදා ඉන්දියාවේ පැවැති ලෝකයේ විශාලතම වේදිකා නාට්‍ය උළෙල ලෙස සැළකෙන නවදිල්ලි ජාත්‍යන්තර වේදිකා නාට්‍ය උලෙළට සහභාගී වීමට ඇයට භාග්‍ය උදා උනා. ඒ ඇය රංගනයෙන් එක්වූ බුද්ධික දමයන්තයේ ‘මට සිහිනයක් ඇත’ වේදිකා නාට්‍ය එම උළෙලට තේරී පත්ව තිබීම නිසාවෙන්.

 

එමෙන්ම මෙවර 52 වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේ කෙටි නාට්‍ය අංශයේ හොඳම නිළිය තෙවැනි ස්ථානය දිනා ගනිමින් ඇය සම්මානයට පාත්‍ර උනේ ‘The ‍Trauma’ කෙටි නාට්‍යයේ රංගනය වෙනුවෙනුයි.

වේදිකාවේ පමනක් නොව පුංචි තිරයෙන් මේ දින වල ඇයව ‘ආලේ’ ටෙලි නිර්මාණයේ ‘ෂයිනි’ ගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන්ට දැකගන්න අවස්ථාව උදා වෙනවා.

ඒ වගේම ඇය දෙරණ නාලිකාවේ විකාශය වූ ‘නිකිණි කුසුම්’ ටෙලි නාට්‍යයේ  චුලක්ෂිගේ චරිතය හරහා ද බොහෝ රසික ආදරය දිනා ගැනීමට සමත් උනා.


ඉතින්, මෙවර කතා බහ සමග එක් වෙමින් ඇය සිය රංගන දිවියේ මෙන්ම සිය ජීවන ගමනේ බොහෝ අත්දැකීම් ‘mirror arts’ සමග බෙදා හදා ගත්තා.

හිමේෂා දිල්කි සහභාගී වූ සම්පූර්ණ වැඩසටහන දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.

කතාබහ මෙහෙයවූයේ දිනිත ජයරත්න විසින්.

වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්>>>

 

 

|Mirror Arts

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න