ආණ්ඩුව ඉදිරි දැක්මක් සකසා ගත හොත් මේ වන විට වෙනස් වෙමින් පවතින ලෝක ආර්ථික තත්ත්වයට මුහුණ දිය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ආණ්ඩුවට ඉදිරි දැක්මක් නොමැති බැවින් අනාගතය පිළිබඳ නිගමනයකට එළඹිය නොහැකි තත්ත්වයකට ආණ්ඩුව මුහුණ පා සිටිය ද මෙම තත්ත්වය සම්බන්ධයෙන් වාමාංශික නොවන කිහිප පළක් ම ගැඹුරු අධ්‍යයනයක යෙදෙමින් සිටින බව ද දීප්ති සිහිපත් කළේ ය.
ඇමරිකාවේ විශාල ආර්ථිකයක් ඉතිරි වූයේ දෙවන ලෝක යුද්ධයෙන් එතරම් බැට නොකෑ බැවින් යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
නමුත් යුරෝපය දෙවන ලෝක යුද්ධයෙන් විශාල ලෙස බැට කෑ බවත් ජාත්‍යන්තර සංවිධානවල බලධාරින් බවට පත්වූ, යුද සමයේ සිටි පාලකයෝ මෙම අත් දැකීමට මුහුණ පෑ බවත්, ඒබඳු තත්ත්වයක් යටතේ ලෝකය පාලනය කළ යුතු ආකාරය පිළිබඳ අණ පනත් සම්මත කරගත්තේ ද එබැවින් යැයි විපුල අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

