දේශපාලනය යනු ගෝත්‍රිකත්වය නොවේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එදා කොවිඩ් වසංගතය පැමිණි මොහොතේ ඇමරිකාවට වඩා ප්‍රශස්ත මට්ටමින් ලංකාවේ එය මර්දනය කළ බවත්, 'අපි තමයි හොඳට ම කළේ' යැයි ගෝඨාභය පැවසුවේ සත්‍යයක් බව ද දීප්ති අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ කොවිඩි වසංගතය යනු නොවැළැක්විය හැකි තත්ත්වයක් බැවින් එදා තමන් ප්‍රමුඛ කණ්ඩායම ගෝඨාභය ගේ ආණඩුව වෙනුවෙන් පෙනී සිටියා සේ ම මේ මොහොතේ උදා වී තිබෙන ප්‍රශ්නය ද වැළකිය නොහැකි තත්ත්වයක් බැවින් අද, මේ මොහොතේ තමන් ප්‍රමුඛ කණ්ඩායම මේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

