එයාර් බස් ගනුදෙනුව කොතැනින් කෙළවර වෙයි ද...? - Ideas front වීඩියෝවක්

එයාර් බස් ගනුදෙනුව කොතැනින් කෙළවර වෙයි ද...? - Ideas front වීඩියෝවක්

එයාර් බස් ගනුදෙනුවේ සිද්ධිය යනු අනිවාර්යයෙන් ම ඔප්පු කළ හැකිව තිබූ දූෂිත ගනුදෙනුවක් වුව ද එය මධ්‍යයට රාජ්‍යපාලකයා ඇතුළු පිරිසක් පැන දේශපාලන සූදුවක නියැළෙන්නට යෑම හේතුවෙන් අසමත් වීමට නියමිත ක්‍රියාවලියක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රාජ්‍ය යනු ශරීරය නම් ආණ්ඩුව යනු මනස බවත්, එබැවින් සිරුරෙහි සියලු ක්‍රියාකාරිත්ව තීරණය කරන්නේ මනස බවයි.

මනස නිරෝගී නොවුන හොත් ශරීරයේ ක්‍රියාකාරිත්වය නිසියාකාරයෙන් පවත්වාගෙ යා නොහැකි සේ ම ආණ්ඩුව දුර්වල නම් රාජ්‍ය පාලනය ව්‍යාකූල වන බව ද හෙතෙම පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න