රුවන් විජයවර්ධන සජිත් ප්‍රේමදාස සමග එකතු වන්නේ ඇයි දැයි ඇතැම් අය නගන ප්‍රශ්නයට පිළිතුර වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන සමයේ රුවන් විජයවර්ධන කිසියම් උපකාරයක් රනිල් වික්‍රමසිංහ ගෙන් බලාපොරොත්තු වුව ද ඥාතිත්වය පසෙක ලා එම උදව්ව නොකර සිටීමට රනිල් වික්‍රමසිංහ වග බලාගෙන ඇති බැවින් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
''කිඹුල්වතින් එන සුළගත මට සැපක්'' යැයි බුදුන් වහන්සේ පැවසුවේ තම ඥාති පරම්පරාව එහි වෙසෙන බැවින් යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඔහු මෙම කතාව ඉදිරිපත් කළේ බුදුන් වහන්සේ වුව ද සිය ඥාතින්ට සැලකුව ද, රනිල් වික්‍රමසිංහ සිය ඥාති පුත්‍රයාට විශේෂ සැලකිල්ලක් නොකළේ ඇයි ද යන්න ගැටලුවක් වන බැවිනුත්, මාමා ගෙන් උදව්වක් ලබාගත නොහැකි නම් එතැන සිට කුමක් කරන්න දැයි රුවන් විජයවධන සිතන්නට ඇතැයි යන උපකල්පනය මත ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
