Image

ආණ්ඩුව විගණන වාර්තාවෙනුත් ලිස්සා යන ලකුණු

ආණ්ඩුව විගණන වාර්තාවෙනුත් ලිස්සා යන ලකුණු

මේ දිනවල ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස සාකච්ඡා කෙරෙන ගල්අඟුරු නැව් නවයෙහෙමි ම දළ තාප ජනක අගය නැව් පටවන මොහොතේ නියමිත ප්‍රමිතියට තිබී ඇති බවත්, බානා මොහොතේ නැව් දෙකක දළ තාප ජනක අගය අඩුවෙන් පැවති බවත්, ලක් විජය බලාගාරයේ දී මේ නැව් සියල්ලෙහි පැවති ගල්අඟුරු ප්‍රමිතියෙන් තොරව පැවති බවට අද නිකුත් කළ විගණන වාර්තාවෙහි සඳහන් වන බව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ Ruwan Mapalagama | Political Insight you tube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.

එමෙන් ම මින් ඉදිරියට මෙවන් වැරැදි සිදු නොවන්නට ද විගණන වාර්තාවෙහි නිර්දේශ නවයක් නිකුත් කර ඇති බව ද ඔහු පැවසී ය. එයින් හැඟවෙන්නේ වරදක් සිදුව ඇති බව ය.

එමෙන් ම නියමිත ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයූ මෙම සැපයුම්කරුවන්ගෙන් දඩ මුදල් ලෙස මිලියන 2332ක් ලෙස ද ඒහි සඳහන් වන බව මන්ත්‍රිවරයා පැවසී ය. ඒහෙත් කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදුව නැති බව ඔහු තරයේ ප්‍රකාශ කළේ ය.

මාධ්‍යවේදී ශාලික විමලසේන අද (09) ඔහුගේ FB ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබුණේ විගණන වාර්තාවේ කරුණු බරපතල බවයි.

එම සටහන ද මතු දැක්වේ.

වැට උඩ තිබූ ගල් අඟුරු එක් පැත්තකට බර වී අවසන් ය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න