අදහසට අදහස සංවාද වූ විට තුවක්කු නිහඩවනු ඇත; අදහසට මර්දනය සම්මුඛ වූ තැන පීඩනය වෙඩි උණ්ඩ වනු ඇත; දැන් අපට ඇසීමට ඇත්තේ සාහිතය කන්නද කියාද?
චෙල්වම්ගේ අදහස් පිළිබඳ විවේචන තිබිය හැකි ය. ඒ වෙනුවට සංවාද යයි උත්තරයක් ඇත. කිසිම තත්ත්වයක් යටතේ අදහස් මරා දැමීමට ඉඩ දිය නොහැකි ය. ''අදහසට අදහස හමුවන තැන තුවක්කුව නිහඩ වනු ඇත.'' මේ දැනට බලයේ සිටින කලක් මාත් සාමාජිකත්වය දැරූ සමජවාදී කලා සංගමයේ ප්‍රේම් Premarathna Thennakoon සහෝදරයාගේ 2018 අදහසකි.
ප්‍රකාශනයේ අයිතියට ඉඩ දෙනු!
ප්‍රකාශනයේ අයිතිය ඕනෑම ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක ජනතාව සතු ප්‍රධාන අයිතියකි. නිදහස ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගත් යහපාලනයක් ගොඩනැගීම වෙනුවෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවත් සංස්කෘතික ඇමතිවරයාත්, නැවත මහින්ද රාජපක්ෂ යුගය සිහිගන්වමින් ඒ මාවතේම ගමන් කරමින් සිටී. ප්‍රකාශනයේ අයිතිය වාරණයට ලක් කිරීම සඳහා කිසිදු ඉවක් බවක් නැතිව මැදිහත් වෙමින් සිටී.
හිනිදුම සුනිල් සෙනෙවි Minister of Buddhasasana, Religious and Cultural Affairs of Sri Lanka
කලාව, සංස්කෘතිය පොහොසත් කිරීම සඳහා ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් ගොඩනගනවා වෙනුවට ඉතා අසීරුවෙන් ගොඩනැඟෙන කලා කෘති සහ කලාකරුවා ගේ ප්‍රකාශනයේ අයිතිය වාරණයට ලක්කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදූ සදාචාරාත්මක අයිතියක් නැත.
ප්‍රේම් සහෝ ඔබ තවම අවදියෙන් ද...?
මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍යමාලාව, කේ.කේ. ශ්‍රීනාත්ගේ ‘බුදුන්ගේ රස්තියාදුව’ කෘතිය සහ අසංක සායක්කාර ගේ ‘මම කෙළින් මිනිහෙක්’ නාට්‍ය වාරණයට ලක්කිරීම සඳහා ආණ්ඩුව මැදිහත්වීම සමාජවාදී කලා සංගමය ලෙස අපගේ අප්‍රසාදය පළකර සිටිමු.
මෙය ප්‍රකාශන අයිතිය වාරණයට ලක් කළ පළමු අවස්ථාව නොවේ. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ යුගයේත්, ඊට පෙරත් බොහෝ අවස්ථාවල මෙවැනි වාරණයන්ට ලක්වීමට කලාකරුවන්ට සිදුවිය. මෙම කලා කෘති පිළිබඳව ඒවාගේ අන්තර්ගතයන් හා ආකෘතීන් පිළිබඳව විචාර ක්ෂේත්‍රයේ ද බොහෝ වාද-විවාද තිබේ. මෙහි අන්තර්ගත ඇතැම් කලාකෘතීන් පිළිබඳව අපටද විවේචන තිබේ. නමුත් ඒවා පදනම් කරගෙන කලාකරුවාගේ ප්‍රකාශන අයිතියට වාරණ පැනවීම පිළිබඳව අපගේ අප්‍රසාදය පළ කරන අතර, ප්‍රකාශනයේ අයිතිය වාරණයට ලක්කරමින් සිදුකරනු ලබන මෙම සියලු ප්‍රවේශයන් අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. එමෙන්ම ප්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් පෙළ ගැසෙන මෙන් විද්වතුන්, කලාකරුවන් ඇතුළු සියලු ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
ප්‍රේමරත්න තෙන්නකෝන් සමාජවාදී කලා සංගමය ප්‍රේම් සහෝ ඔබ තාම අවදියෙන්ද...?
සංස්කෘතිය වෙනුවෙන් Jagath Manuwarna Kodithuwakku ගේ කමිටු නම් අපරාදේ අපේ බදු මුදල් මචං...
Malith Peiris
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
