ප්‍රජාතන්ත්‍රවාදී පාර්ශ්වයෙන් සලකා බැලුව හොත් වර්තමානයේ ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කරන නායකයකු ලෙස සජිත් ප්‍රේමදාස හැඳින්විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
සජිත් ප්‍රේමදාස එම තත්ත්වයට පත්ව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ දේශපාලන ඇසුර නිසා යැයි ද දීප්ති අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වන විට පොලිස් රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමෙන් සියල්ල කළ හැකි බව මාලිමා ආණ්ඩුව සිතා සිටින බවයි.
පොලිසියේ පත්කිරීම් තුළ පවා දක්නට ලැබෙන්නේ එබඳු ලක්ෂණ යැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
