Image

දේශපාලනය ගැන වචනයකුදු කතා නොකරන ප්‍රබල දේශපාලන චිත්‍රපටයක්

දේශපාලනය ගැන වචනයකුදු කතා නොකරන ප්‍රබල දේශපාලන චිත්‍රපටයක්

ප්‍රචණ්ඩත්වය සහ හාස්‍යය ආත්ම කොටගත් වත්මන් සිනමා රැල්ල ලාංකීය සිනමාවේ නව ප්‍රබෝධයක් ලෙස උත්කර්ෂයට නැගුණු අවදියක සිනමාව යනු ජීවිතය සහ සමාජය විනිවිද දැකිය හැකි ප්‍රබල මාධ්‍යයක්ය යනු යළිත් අවධාරණය කළ චිත්‍රපටයකි, ලලිත් රත්නායකගේ රිවර්ස්ටන්.

එසේම දේශපාලනය ගැන වචනයකුදු කතා නොකොට තරුණයින් අතරුදහන් කළ ලාංකීය දේශපාලනයෙන් බිඳක් ගෙන එන්නට ලලිත් සමත්වන්නේ සිනමාකරුවකු ලෙස ඔහු සතු පරිකල්පනය, ශිල්පිය ඥානය , ඉවසීම සහ ශික්ෂණය මනා ලෙස ප්‍රකට කරමිනි.

ලලිත් ගේ මුලික අරමුණ මනුෂ්‍ය ස්වභාවය සියුම්ව හා ගැඔුරින් ගවේෂණය කිරිම වුව ද මනුෂ්‍යත්වය පුපුරුවා හරින්නට තරම් රාජ්‍ය මර්ධනයෙ හස්තය තුච්ඡ බව ප්‍රබල ලෙස චිත්‍රපටය පුරා දිස්වෙයි.

රිවර්ස්ටන් 01

පතිරාජ, හඳගම, ප්‍රසන්න ඇතුළු සිනමාවේදින් ලාංකීය සිනමාව තුළ ගොඩනැගු දේශපාලන කතිකාව වෙනස් ආකාරයකින් ලලිත් ගෙන එන්නේ ඔහුට ම ආවේණික අපුරු සිනමා බසකිනි.

දේශපාලන දෘෂ්ටිවාද පෙරදැරි කර නොගෙන සිනමාකරණයට පිවිසිය ද, රිවර්ස්ටන් තුළ සාකච්ඡා කෙරෙන දේශපාලනය ගැඹුරු ය.

රිවර්ස්ටන් ගැන වැඩිදුර ලිවිම පසුවට කල්තබා මා නිහඬ වන්නේ එහි දේශපාලනය සහ දැක්ම ස්වාධිනව අධ්‍යයනය කරන්නට සහෘදයාට ඉඩ සලසමිනි

gunasiriGunasiri Silva

 

 

රිවර්ස්ටන් 00

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න