Image

පාලක පාර්ශ්වය විවෘත මනසකින් යුක්ත ද...? - Ideas front වීඩියෝවක්

පාලක පාර්ශ්වය විවෘත මනසකින් යුක්ත ද...? - Ideas front වීඩියෝවක්

රටක් පාලනය කිරීම සඳහා පාලක පක්ෂයකට විවෘත මනසක් තිබිය යුතු බවත්, කිසියම් නිලධාරියකුට හෝ නිලධාරී කණ්ඩායමකට කිසියම් රාජකාරියක් බාර දී ඒ පිළිබඳ බියෙන් සැකෙන් කාලය ගත කරන්නේ නම් එම නිලධාරියා හෝ නිලධාරීන් කණ්ඩායම වෙතින් නිසියාකාරව අදාළ කටයුත්ත කරගත නොහැකි වන බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණ, ශිෂ්ටසම්පන්න සමාජයේ තිබූ සම්මුති සහ පිළිගැනීම් බිඳ දැමූ බවත්, අද ඔවුන්ට අත් විඳීමට සිදුව තිබෙන්නේ ඒහි විපාක යැයි ද එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න