Image

උතුරෙහි අරගලය ත්‍රස්තවාදයක් යැයි පැවසීමට ජවිපෙට අයිතියක් නැහැ - Ideas front වීඩියෝවක්

උතුරෙහි අරගලය ත්‍රස්තවාදයක් යැයි පැවසීමට ජවිපෙට අයිතියක් නැහැ - Ideas front වීඩියෝවක්

උතුරෙහි අරගලය ත්‍රස්තවාදයක් යැයි පැවසීමට මහින්ද රාජපක්ෂට අයිතියක් තිබුණ ද විජේවීරගෙන් පැවත එන ජනතාවිමුක්ති පෙරමුණට නම් උතුරෙහි අරගලය ත්‍රස්තවාදය යැයි නම් කිරීමට කිසි සේත් ම අයිතියක් නැතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ උතුරෙහි ඒල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය සහ දකුණෙහි ජවිපෙ ත්‍රස්තවාදය යනු ඒකක් ම මිස දෙකක් නොවන බවයි. දෙපාර්ශ්වය ම කළේ රාජ්‍යයට එරෙහිව කැරලි ගැසීම යැයි ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න