Image

මාධ්‍යවේදි වෘත්තිය ''වරලත්'' විය යුතු ම ද...?

මාධ්‍යවේදි වෘත්තිය ''වරලත්'' විය යුතු ම ද...?

වරලත් මාධ්‍යවෘත්තිකයන්ගේ ආයතනයක් පාර්ලිමේන්තු පනතක් යටතේ පිහාටුවීම ගැන ‘වරලත් මාධ්‍යවේදීන් යනුවෙන් ජාතියක් නැත’ යනුවෙන් මා ලියූ කොමෙන්ටුවකට ප්‍රතිචාර දක්වමින් වරලත් මාධ්‍යවේදී ආයතනයක් 1880 ගනන්වල බ්‍රිතාන්‍යයේ පිහිට වූ බව අප මිත්‍ර බර්ට්‍රම් නිහාල් මතක් කළේ ය. එයට මා දුන් ප්‍රතිචාරය පහතින් පළ කරන්නේ එම කොමෙන්ටුවෙන් මා අදහස් කළ දෙය වඩා නිරවුල්ව පෙන්වා දීම සඳහා ය.

“ඔව් එහෙම එකක් වික්ටෝරියා රැජිනගෙ කාලයෙ Royal Charter හෙවත් රාජකීය බලපත්‍රයකින් පිහිටුවා තිබුණා. ඒකෙ අදහස වුණේ එවකට ශිල්පයක් ( Trade ) ලෙස සැලකුණු ජර්නලිස්ම් කියන එක ඉංජිනේරු දොස්තර නීතීඥ ආදි අනෙකුත් වරලත් වෘත්තීන් ගෙ (Professions) මට්ටමට ගෙන ආ යුතුයි යන අදහස මතයි. ඒ අනුව අද එහි සාමාජිකත්වය ගන්න පුලුවන් වෙන්නේ එම ආයතනය විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් හෝ සමාන අධ්‍යාපන සුදුසු කමක් තිබුනොත් විතරයි.

යමෙකු වෘත්තිකයෙක් කියල හඳුන්වන්න නම් එම වෘත්තියට නියමිත විභාගයකින් සමත්වීම වැනි වෘත්තීය සුදුසුකමක් තිබීම, එම වෘත්තිය නියාමනය සඳහා පිළිගත් නියාමන සභාවක අධීක්ෂණයට යටත්වීම සහ එකී වෘත්තියේ යෙදීමට බලය ඇති ආයතනයකින් නිසි බලපත්‍රයක් ලබා තිබීම යන කරුණු තුන සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍යයි. ඒත් ජර්නලිස්ට් කෙනෙක් වෙන්න ඔය සුදුසු කම් අවශ්‍ය නැහැ. ජර්නලිස්ම් කියන්නෙ වෘත්තියකට වඩා ශිල්පයක්. වෘත්තිකයෙකුට මෙන් එයා එකතුකරන සකසන පුවත්වල වගකීම එයාට පමණක් සීමා වෙන්නෙ නැහැ. වගකීම තියෙන්නෙ මාධ්‍ය ආයතනයටයි.

image 1518072131 795bb6d6b0ජර්නලිස්ම් කියන්නෙ ඒ සඳහා තමන්ගෙ ග්‍රාහකයන්ගෙ විශ්වාසය දිනා ගැනීමට අවශ්‍ය පරිචය, අව්‍යාජ බව අවංක බව තියෙන ඕනෑම කෙනෙකුට නියැළෙන්න පුළුවන් සමාජ කටයුත්තක් විය යුතුයි. කොටින්ම ජර්නලිස්ම්වල යෙදීම පුරවැසියන්ගෙ මූලික අයිතියක්. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ ම කොටසක්. වරලත් නොලත් ඕනෑම කෙනෙකුට ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය කටයුතුවල නියැළෙන්න තියෙන අයිතිය ආරක්ෂාකරගත යුත්තේ ඒ නිසයි.

වික්ටෝරියා රැජිනගෙ කාලෙ ඉඳන් තිබුණත් අදටත් තමුන් වරලත් ජර්නලිස්ට් කෙනෙක් කියල බ්‍රිතාන්‍ය පුවත්පත්වල කවුරුත් සඳහන් කරගන්නෙ නැහැ. ඔවුන් ඊට වඩා වැදගත් කොට සලකන්නෙ බ්‍රිතාන්‍යයේ ජර්නලිස්ට්ල ගෙ ජාතික සංගමයේ ( National Union of Journalists) සාමාජිකයෙක් වීමයි. මං දන්න විදියට බ්‍රිතාන්‍යයේ ජර්නලිස්ට්ලගෙ වරලත් ආයතනයෙ සාමාජිකයෙක් වීමට ජර්නලිස්ට්ලගෙ ජාතික සංගමයෙ සාමාජිකයෙක් වීමත් අනිවාර්යයි.

Wijayananda JayaweeraWijayananda Jayaweera

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න