Image

විශ්ව විද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කිරීම ලබන මස මුල් සතියේ!

විශ්ව විද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කිරීම ලබන මස මුල් සතියේ!

2025/2026 අධ්‍ය­යන වර්ෂ­යන්ට අදා­ළව සිසුන් තෝරා ගැනීම සඳහා විශ්ව­වි­ද්‍යාල ප්‍රවේශ කඩ­ඉම් ලකුණු ලබන මස මුල් සතියේ ප්‍රකාශයට පත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් සඳහන් කරයි.

එහි උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ ප්‍රකාශ කළේ පසුගිය උසස් පෙළ ප්‍රතිඵල මත මෙවර විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් පත් 92,043 යොමු කර ඇති බවයි.

එම අයැදුම්පත්‍ර සලකා බලා මෙවර විශ්වවිද්‍යාලවලට 42,937 දෙනෙකු ඇතුළත් කර ගැනීමට නියමිතයි.

මේ අතර නව උපාධි පාඨමාලා කිහිපයක්ද හදුන්වාදීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

සැප්තැම්බර් මස මුල් සති වලදී විශ්ව විද්‍යාල වල අධ්‍යන කටයුතු ආරම්භ කරනු ඇති බවද මහාචාර්යවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න