Image

පරිණත විනිසුරුවරුන්ගේ හිඟයට සුදුසු ම පිළියම කුමක් ද...? - Ideas front වීඩියෝවක්

පරිණත විනිසුරුවරුන්ගේ හිඟයට සුදුසු ම පිළියම කුමක් ද...? - Ideas front වීඩියෝවක්

මීට වසර 20කට පමණ පෙර දක්වා ඇතැම් කටයුතු සඳහා සුදුසු වෘත්තිකයින් අප රටෙහි නොසිටියේ නම් ඒ සඳහා සුදුසු පුද්ගලයින් වෙනත් රටවලින් ගෙන්වා ඔවුන් ගෙන් අදාළ කටයුතු කරගත්තේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

ඒ අනුව ඔහු යෝජනා කරන්නේ අපිට පරිණත විනිසුවරුන් ගේ හිඟයක් පවතින්නේ නම්, එම හිඟය මගහරවා ගැනීම සඳහා විදෙස් විනිසුරුවරුන් ගෙන්වා ගත හැකි බවයි.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසන පරිදි විනිසුරුවරුන් ගේ සේවා කාලය දිගු කරන්නේ 'පරිණත විනිසුරුවරුන් සේවයේ යෙදිය යුතු ය' යන සද්භාවි අදහසින් නම් කළ යුත්තේ විනිසුරු පුහුණු ආයතනයේ සේවය සඳහා එම පරිණත පිරිස බවා ගෙන දෙවන පෙළ පිරිස පුහුණු කර වීම යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න