අධිකරණ නියෝග කඩ කරමින් අයුතු ජනරාශියක සාමාජිකයින් වූ බවට චෝදනා ගොනු කර ඇප මත මුදා හැර ඇති රුහුණු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 15 කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ට නියෝග කළේ ය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී සැකකරු අධිකරණයේ පෙනී නොසිටි බැවිනි.
එම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ඔබේතුඩුවගේ සමිත හිමි ඇතුළු සැකකරුවන් හය දෙනෙක් නඩුව කැඳවූ අවස්ථාවේ දී විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියහ.
පොලීසිය කළ ඉල්ලීමට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළමු වරට අධිකරණයේ පෙනී සිටි චමෝදි අල්පොන්සෝ නමැති හයවන සැකකරුට ලබන 27 වනදා එම කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
