Image

කේ. වෙන්කට්; වසර 43කට පසු ශ්‍රී ලාංකික හදවතින් පිදුම් ලබයි..

කේ. වෙන්කට්; වසර 43කට පසු ශ්‍රී ලාංකික හදවතින් පිදුම් ලබයි..

මෙරට සිනමා ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙයක් ඉටුකළ කේ.වෙන්කට් 1983 කළු ජූලියේ දී පණ පිටින් පුළුස්සා ඝාතනය කර වසර 43ක් සම්පූර්ණ වේ.

WhatsApp Image 2026 07 16 at 2.49.08 AM 3

ගෙවී ගිය මෙම කාලය තුළ ඔහු ගේ සිනමාත්මක මෙහෙවර පිළිබඳව කිසිදු ඇගයීමක් සිදුකර නොමැත. එම අඩුව පිරවීම සඳහා නවමු ප්‍රයත්නයක් කරමින් සිටින්නෙමු. 1966 තිරගත වූ 'මහ රෑ හමුවූ ස්ත්‍රිය' චිත්‍රපටයෙන් ඔහු ගේ සිනමාත්මක ගමන් මග ආරම්භ විය.

ඉන්පසුව 1969දී “උතුම් ස්ත්‍රිය”, 1972 දී “අද මෙහෙමයි”, 1973දී “ගොපළු හඬ”, 1975දී “දමයන්ති”, 1977දී “නිලූකා”, 1978දී “ශ්‍රී පතුල” සහ 1980දී “මගේ අම්මා” යන චිත්‍රපට මෙරට රසික ප්‍රජාවට දායාද කර දුන්නේ ය.

VENKETMOVIE

 

ශ්‍රී ලාංකීය සංස්කෘතික ආධ්‍යාත්මයක් ගොඩනැංවීමේ ප්‍රබල මැදිහත්වීමක්

ශ්‍රී ලාංකීය සිනමාවට  චිත්‍රපට අටක් පමණ දායාද කළ අධ්‍යක්ෂවරයෙකු වූ කේ. වෙන්කට් ඔහු ගේ සෑම නිර්මාණයක් සඳහා ම සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්ව එක්වූ ශ්‍රී ලාංකීය සංස්කෘතික ආධ්‍යාත්මයක් ගොඩනැංවීමේ ප්‍රබල මැදිහත්වීමක් ද සිදුකර ඇත. එමෙන්ම බෞද්ධ, කිතුනු, ඉස්ලාම් සහ හින්දු ආගම්වල මූලික ඉගැන්වීම්වලට මිනිස් ආධ්‍යාත්මය යොමු කරවීමේ පියවරක්ද ඔහුගේ සිනමා චාරිකාව තුළ ප්‍රබලව පවතී.

SHRIIPATHULA

1983 වියරු ජාතිවාදී කළු ජූලියේ දී ඔහුගේ පණ නළ ඩැහැගෙන ගෙවී ගිය වසර 43ක කාලය ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයට ද පිරිමැසිය නොහැකි කළු පැල්ලම් ඉතිරි කරනු ලැබී ය. මේ වන විට ශ්‍රී ලාංකීය සිනමාව යළි පණ ගැන්වෙමින් තිබෙන අතර, එයට සමාන්තරව නව කතිකාවක අවශ්‍යතාවද දැඩි ලෙස මතුවෙමින් පවතී.

එම කතිකාවට මුල පුරන “ශ්‍රී ලාංකීය සිනමාවේ කේ. වෙන්කට් ආධ්‍යාත්මය” යන තේමාවෙන් සමරු වැඩසටහනක් ජූලි 22 වැනි දින සවස 03.00 මහරගම ජාතික තරුණ සේවා සභාව පරිශ්‍රයේ දී පැවැත්වේ.

තේමාව:                       -  ශ්‍රී ලංකා සිනමාවේ කේ. වෙන්කට් ආධ්‍යාත්මය

සම්පත් දායකත්වය:      -  ප්‍රවීණ රංගධර - සනත් ගුණතිලක

ප්‍රවීණ රංගන ශිල්පී:      -  සුවිනීතා වීරසිංහ

ප්‍රවීණ සංනිවේදක:        -  දිලීප අබේසේකර

ප්‍රවීණ සංනිවේදක :       - විමල් කැටිපෙආරච්චි

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය:   -  සිතුමිණ රත්නමලල

මෙම අවස්ථාවට සිනමා ලැදි සියලුම දෙනා හට විවෘත ආරාධනයක් කර සිටින්නෙමු...!

මෙම අනුස්මරණය සඳහා සම්පත් දායකයන් ලෙස මේ වන විටත් දැඩි ඕනෑකමකින් ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක සහ ප්‍රවීණ ලේඛක විමල් කැටිපෙආරච්චි තම දායකත්වය තහවුරු කර ඇත.

මෙයට අමතරව කලාකරුවන් සහ විචාරකයින් රැසක් සහභාගී කර ගත් ගෞරවාන්විත අනුස්මරණ උළෙලක් සැලසුම් කරමින් සිටින්නෙමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න