පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් පසුගිය මාස කිහිපය ඇතුළත කරන ලද සොයා බැලීම්වලින් බලපත්‍ර නොමැති සහ අනීතික ලෙස බලපත්‍ර ලබා ගත් සුරාසැල් රටපුරා ඇති බව තහවුරු කැගෙන ඇතැයි එම සංවිධානය සඳහන් කරයි.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මේ බව සඳහන් කරන්නේ උක්ත කරුණ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමිනි.
පසුගිය දා සුරාබදු අධිකාරිය විසින් එසේ බලපත්‍ර ලබා නොගෙන පවත්වාගෙන යන ලද රාත්‍රී සමාජ ශාලාවක් වටලා ඇති බවත්, එම වැටලීම් මගින් තවත් රාත්‍රී සමාජ ශාල සහ අනීතික සුරාසැල් රටපුරා ක්‍රියාත්මක වන බව තහවුරු වන බවත්, බොහෝ ව්‍යාපාරිකයින් විසින් සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන්ට අල්ලස් ලබාදීමෙන් අදාළ නීති විරෝධි ආයතන පවත්වාගෙන යනු ලබන බවට සැකයක් මතු වී ඇති බව ද එම ලිපියෙහි වැඩි දුරටත් සඳහන් කර ඇත.
මතු පළ වන්නේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කරන ලද සම්පූර්ණ ලිපිය යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
