වත්මන් රජය බලයට පත්වීමෙන් පසු, ජාත්‍යන්තර පොලිස් සහයෝගීතාව මත විදේශයන්හි සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු සැකකරුවන් 66 දෙනෙකු මෙරටට ගෙන ඒමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස රැගෙන එන ලද සැකකරුවන් අතරින් 28 දෙනෙකු රතු නිවේදන සහිත සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස හඳුනාගෙන ඇති අතර තවත් 38 දෙනෙකු රතු නිවේදන නොමැති සංවිධානාත්මක හා වෙනත් අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් වේ.
එමෙන්ම, වත්මන් රජය පත්වූ පසු ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන 110 ක් ලබාගෙන ඇති අතර, ඉන් 55 ක්ම සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උදෙසා ලබාගත් ඒවා වේ.
මතු පළ වන්නේ මීට අදාල සම්පූර්ණ වාර්තාවයි.
විදේශයන්හි සිට මෙරටට ගෙන එන ලද සංවිධාන්නාත්මක අපරාධකරුවන් හා සැකකරුවන් පිළිබඳ වාර්තාව: මෙතනින්
මීට අමතරව මේ දක්වා සිදු කරනු ලැබූ 'මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධ වාර්තාවක්' ද , 'සංවිධානාත්මක අපරාධ හා අත්අඩංගුවට ගනු ලැබූ ගිනි අවි පිළිබඳ වාර්තාවක්' ද නිකුත් කර ඇති අතර එම සම්පූර්ණ වාර්තා වල පිටපත් ද පහතින් දක්වා ඇත.
සංවිධානාත්මක අපරාධ හා අත්අඩංගුවට ගනු ලැබූ ගිණි අවි සම්බන්ධ වාර්ථාව: මෙතනින්
'මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධ වාර්තාව: මෙතනින්
විමර්ශන සම්බන්ධ වාර්තාව: මෙතනින්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
