Image

යෝෂිතට එරෙහි නඩුව සැප්තැම්බර් 28 දක්වා කල් තබයි

යෝෂිතට එරෙහි නඩුව සැප්තැම්බර් 28 දක්වා කල් තබයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකරන ලද නඩුව සැප්තැම්බර් මස 28 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය දින නියම කළේ ය.

මෙම නඩුව අද (31) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවනු ලැබී ය.

එහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයට සම්බන්ධ කරුණකට අදාළව විත්තිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් එය සැප්තැම්බර් මස 04 වනදා සලකා බැලීමට නියමිතව තිබෙන බව ය. ඒ අනුව මෙම නඩුකරය ඉන් පසුව එළැඹෙන දිනයක කැඳවන ලෙසත් අධිකරණය හමුවේ ඉල්ලීම් කෙරුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව නැවත සැප්තැම්බර් මස 28 වනදා කැඳවන ලෙස නියෝග කළේ ය.

අයතා ලෙස උපයා ගත් රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න