ද. අප්‍රිකාවේ නව ජනපති සිරිල් රමපෝසා

ද. අප්‍රිකාවේ නව ජනපති සිරිල් රමපෝසා
දකුණු අප්‍රිකාවේ නව ජනාධිපතිවරයා ලෙස අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ප්‍රධානියා වන සිරිල් රමපෝසා දිවුරුම් දී තිබේ. 
 
ඔහු මෙලෙස දිවුරුම් දෙනු ලැබුවේ හිටපු  ජනාධිපති ජේකබ් සූමා වහාම ක්‍රියාත්මකවන පරිදි සිය පදවියෙන් ඉල්ලා අස්වී පැය 24ට පසුවයි. 
 
දිව්රුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවේ කතාවක් පැවැත්වූ රමපෝසා දකුණු අප්‍රිකානු ජනතාවගේ බලාපොරොත්තු කඩ නොකිරීමට උපරිමයෙන් උත්සාහ කර බවයි. 
 
ජේකබ් සූමා ඉවත් වෙයි 
 
දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකබ් සූමා පසුගිය බදාදා(14) සිය පදවියෙන් ඉල්ලා අස්විය.ඔහු  සිය තීන්දුව ජනතාවට දන්වනු ලැබුවේ රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමිනි.
 
මීට පෙර, සූමා අයත්වන පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය (ANC) ඔහුට දන්වා තිබුණේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු අතර එසේ නොමැතිනම් පාර්ලිමේන්තුවේ විශ්වාසය භංගය පිළිබඳ ඡන්ද විමසීමකට මුහුණ දෙන ලෙසය.
 
 
විපක්ෂයේ අප්‍රසාදය 
 
කෙසේවෙතත් දකුණු අප්‍රිකාවේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක වන ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (Democratic Alliance) සහ ආර්ථික නිදහස සඳහා සටන් කරන්නෝ (Economic Freedom Fighters) රමපෝසාට ජන්දය ලබාදීමෙන් වැළකී සිට තිබේ. 
 
එම පක්ෂවල අදහස වී ඇත්තේ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ආණ්ඩුවක් පිළිබඳ විශ්වාසයක් නැති බැවින් මැතිවරණයක් කැඳවිය යුතු බවයි. 
 
එහෙත් රමපෝසා ජනාධිපති ධූරයේ දිව්රුම් දීමෙන් පසු සිසුකළ කතාවේදී ලබන වසරේ තම ධූර කාලය අවසන් වන තෙක්  විපක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ දූෂණයට  එරෙහිව කටයුතු කිරීමට පොරොන්දු වී තිබේ. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න