ජපානයේ කුරුලු උණත් ව්‍යාප්ත වෙයි

ජපානයේ කුරුලු උණත් ව්‍යාප්ත වෙයි

ජපානයේ, ඔකයාමා ප්‍රාන්තයේ ගොවිපළක් ආශ්‍රිතව කුරුලු උණ රෝගී තත්ත්වයක් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවති.

එය මෙම වසරේ මුහුණ දුන් දරුණුතම කුරුලු උණ රෝගී තත්ත්වය ලෙස ප්‍රාන්ත බලධාරීන් විසින් හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ වන විට මෙම තත්ත්වය ප්‍රාන්ත 06 ක් පුරා පැතිර ගොස් ඇති බව එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

කුරුලු උණ තත්ත්වය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් එම ගොවිපළේ කුකුලන් 640,000ක පමණ ප්‍රමාණයක් විනාශ කිරීමට පියවර ගෙන තිබේ.

ඔකයාමා ප්‍රාන්තයෙන් කුරුලු උණ රෝගී තත්ත්වයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන බව ප්‍රාන්ත බලධාරීන් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න