රුසියාවේ විපක්ෂ දේශපාලනඥ ඇලෙක්සි නවාල්නිට වසර තුනහමාරක සිර දඩුවම් නියම කිරීමට රුසියාවේ මොස්කව් අධිකරණයක් තීන්දු කර ඇත.
ඇලෙක්සි නවාල්නිට එරෙහිව නිකුත් කර තිබූ තහනම් නියෝග නොතකමින් කටයුතු කිරීම සිරදඩුවම් නියම කිරීමට හේතුව වේ.
කිසියම් විෂක් ශරීර ගත වීමෙන් අනතුරුව පසුගිය අගෝස්තු මාසයේ සිට ජර්මනියේ ප්‍රතිකාර ලබමින් සිට ඔහු රුසියාවට පැමිණියේ පසුගිය මාසයේ අවසානයේදීය. රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින්ගේ ප්‍රබල විවේචකයෙකු ලෙස නවාල්නි හැදින්වේ.
නවාල්නි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රුසියාව පුරා උද්ඝෝෂණ පැවැත්වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
