මියන්මාරයේ ජනතාව විදී බසිති..!

මියන්මාරයේ ජනතාව විදී බසිති..!

මියන්මාරයේ ජනතාව අද  එහි අගනුවර ට එක්වෙමින් හමුදා එන නොතකා  දහස් ගණනින් හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විදි බැස්සා පමණක් නොව ආරක්ෂක හමුදා වලට එරෙහිව විදි සටන්වල කළහ.

මෙය සංවිධානය කොට තුබුණේ බෞද්ධ භික්ෂුන්ගේ නායකත්වයෙනි.කෙසේ වෙතත් සිය ගානක් අත් අඩංගුවට ගත් අතර වෙඩි වැදීමෙන් පෙළපාලි කරුවෝ ජිවිතක්ෂයට පත්වූ බවද වාර්තා  වේ.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට කුමන්ත්‍රණය හෙලා දකිමින් ඉදිපත් කල යෝජනාවක් මහජන  චීනයේ සහ රුසියාවේ විරෝධය නිසා සම්මත වුයේ නැත.මේ රටවල්  කුඩා සහ දුර්වල ජාතීන්ගේ දේශපාලන බර ඉසිලීමට සුදානම් නැත්තේ තම කලාපිය සහ ලෝක වුවමනාවන් එයට වඩා විශාල බැවිනි.

ඔවුන් තමන්ගේ බල වුවමනාවන්ට වාසි නොවන්නේ නම් කිසිම  සටනකට කොතරම් සාධාරණ වුවත් උදව් උපකාර කරන්නේ නැත.

ඔවුන් කුඩා ජාතීන්ගේ දේශපාලන බර භාර ගැනීමට සුදානම් නැත. අන් සන් සුචී හමුදා කමන්ත්‍රණ කරුවන් විසින් හිර ගත කිරීම සංකේතවත් කරන්නේ තවදුරටත් ප්‍රජතන්ත්‍රවාදය යුක්තිය සහ නිදහස මියන්මාර ජනතාව ට අහිමි කිරීමයි.

ජනතාවද  සලකන්නේ ඇය  නිදහසේ  සංකේතය ලෙසයි.  එනමුදු සුචි මෙයට අවුරුදු දෙකකට පෙර හේග් ජාත්‍යන්තර උසාවියේදී (ICJ)මියන්මාරයේ රෝහින්ගියා මුස්ලිම් ජනතාව 10,000 ක් ඝාතනය කිරීම සහ ලක්ෂ 7  ක් පමණ ජනතාව බංගලදේශයට පලවා හැරිම ගැන යුද්ධ හමුදාවේ ක්‍රියා කලාපය ආරක්ෂා කරමින් ජනතා විරෝධී ක්‍රියාවක් යෙදුන නමුත්, අද හමුදා කුමන්තරණයෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සටන සංකේතවත් කරයි.

ඇයට වඩා මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සුවිසල්ය.එය දිනිය යුතුම  දෙයකි.එමනිසා ඇයගේ නායකත්වය පරස්පර විරෝධී වුවද වෙනත් විකල්ප නායකත්වයක් නැත.

@දයාපාල තිරාණගම

(ෆේස්බුක් ගිනුමෙනි )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න