ඉන්දුනීසියාවේ, මකාසර් ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසළ බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරක් ලෙස සිදුකිරීමට උත්සහ කර තිබෙන අතර ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
තුවාල කරුවන් කිහිප දෙනෙකු බරපතල බව ද සඳහන් ය.
ප්‍රහාරය සිදුකිරීමට පැමිණි පුද්ගලයා දේවස්ථානයට ඇතුළුවීමට උත්සහ දරා ඇති අතර එහිදී ආරක්ෂක අංශ ඔහු පරීක්ෂා කිරීමට උත්සාහ දරා ඇත.
එහිදී බෝම්බය පුපුරුවාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරයට වගකිය යුත්‌තේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
