Language Switcher

V2025

ඊජිප්තු දුම්රිය අනතුරකින් 32ක් මරුට

ඊජිප්තුවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 165 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

ඊජිප්තු අගනුවර වන කයිරෝ සිට කිලෝමීටර 365ක් දුරින් අනතුර සිදුව තිබේ.

නාදුනන පුද්ගලයෙක් විසින් ඉදිරියෙන් ගමන් කර ඇති දුම්රියේ හදිසි තිරිංග ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දුම්රිය නවත්වා තිබේ.

නමුත් ඊට පසුපසින් එකම දිශාවට ගමන් කරන ලද දුම්රියක් නවත්වා තිබූ දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

ගැටීමෙන් අනතුරුව දුම්රිය මැදිරි පීලි පැන අනතුර මාරාන්තික අනතුරක් බවට පත්ව තිබේ.