sputnik v ඉන්දියාවේ නිපදවීමට අනුමැතිය

sputnik v ඉන්දියාවේ නිපදවීමට අනුමැතිය

ස්පුට්නික් V කොරෝනා මර්දන එන්නත ඉන්දියාවේ නිපදවීම සඳහා එරට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇතැයි ඉන්දීය මාධ්‍ය සදහන් කරයි.

එම වාර්තා සදහන් කරන්නේ, රුසියාවේ නිෂ්පාදිත එම එන්නත නිෂ්පාදනය සඳහා එරට සීරම් ආයතනයට අවසර ලැබී ඇති බවයි.

ඒ අනුව පූනේහි පිහිටි කර්මාන්ත ශාලාවේ ස්පුට්නික් එන්නත පරීක්ෂා කිරීම විශ්ලේෂණය කිරීම සහ නිෂ්පාදනය කිරීම සිදු කරන බව සඳහන් ය.

ලබා දී ඇති බලපත්‍රය මගින් එන්නත පරීක්ෂා කිරීම සඳහා නිෂ්පාදනය කළ හැකි අතර එය අලෙවි කිරීමට මේ වන තෙක් සීරම් ආයතනයට අවසර ලබා දී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

මේ වනවිට ඉන්දීය සීරම් ආයතනය ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිෂ්පාදනය කර අලෙවි කරනු ලබයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න