ඇමරිකාවෙන් රුසියාවට තගක් !

ඇමරිකාවෙන් රුසියාවට තගක් !

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් රුසියාව වෙත බබරපතළ අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට ඒ, රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කළ හොත් රුසියාවේ සිට ජර්මනිය දක්වා දිවෙන නෝඩ් ස්ට්‍රීම් ටූ ගෑස් නළ මාර්ගය වසාදමන බවය.

ඊට අනුව නව ජර්මානු චාන්සලර් වන ඔලෆ් ස්කොල්ස් සමග වොෂින්ටන් නුවරදී පැවති හමුවකදී ඇමරිකානු ජනාධිපති මේ බව සඳහන් කර ඇත.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මොස්කව් නුවරදී හමුවීමෙන් පසුව අමෙරිකාව හා ජර්මනිය මෙම සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයක් බව විදෙස් විශ්ලේෂකයන් පවසයි.

අදාළ හමුවේ දී ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇත්තේ මහා යුද්ධයක් වැළැක්වීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බවයි.

රුසියාව මේ වන විටත් යුක්‍රේන දේශසීමාවේ සිය හමුදා භටයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ස්ථානගතකර තිබේ.

අමෙරිකාව පසුගිය දා ප්‍රකාශ කළේ, පූර්ණ ආක්‍රමණයකට අවශ්‍ය හමුදා භටයින්ගෙන් 70% ක ප්‍රතිශතයක් රුසියාව රැස්කර ඇති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න