දවස් 10ක් අල්ලගෙන හිටියොත් රුසියාව අමාරුවේ !

දවස් 10ක් අල්ලගෙන හිටියොත් රුසියාව අමාරුවේ !

රුසියානු හමුදා තව දවස් 10 ක් ඇතුලත යුක්රේන මෙහෙයුම අවසන් නොකළහොත් අකමැත්තෙන් හෝ රුසියානු රජයට යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි සමග එකඟතාවයකට පැමිණීමට සිදුවන බව එස්තෝනියාවේ හිටපු හමුදා ප්‍රධානී රිහෝ ටෙරාස් පවසයි.

යුද්ධය ආරම්භ කිරීමේදී දවස් 1-4 අතර කාලයේ යුක්රේනය ආක්‍රමණය කිරීමට හැකි යැයි රුසියානු රජය විශ්වාස කලත් යුක්රේනුවන්ගේ එකමුතුකමත්, රුසියානු යුද සැලසුම්කරනයේ දුර්වල කමත් හේතුවෙන් එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වී ඇති අතර මේ පිළිබඳ ජනාධිපති පුටින් ගේ ප්‍රධානත්වයෙන් උරල් කඳුකරයේ බංකරයක පැවති රහස් හමුවකදී මේ පිළිබඳ තම සගයන්ට ජනාධිපති පුටින් දොස් නගා ඇත.

යුක්රේන බුද්ධි වාර්තා අනුව රුසියානු හමුදාවන්ට යුරෝ බිලියන 15 ක් වැයවෙන අතර රුසියානු හමුදාවන්ට මිසයිල ඉතිරිව ඇත්තේ තව දවස් 3-4 පමණක් බව ටෙරාස් පැහැදිලි කර තිබේ.

තව 10 ක් ඇතුලත යුක්රේනය ආක්‍රමණය නොකළහොත් අකමැත්තෙන් හෝ යුක්රේනය සමග එකඟ තාවයකට පැමිණීමට සිදුවනු ඇතැයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

(ඩේලිමේල් ඇසුරෙන් ලංකාදීප )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න