රුසියාව විසින් යුක්‍රේනයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
එම ප්‍රහාර හමුවේ පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
යුක්‍රේනයේ ක්‍රිවි රිහ් නගරයේ ගොඩනැගිල්ලකට ද රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. එහි සිටි කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
යුක්‍රේන ගුවන් හමුදා අණ දෙන නිලධාරි මයිකොලා ඔලෙෂ්චුක් පවසන්නේ රුසියාව විසින් මිසයිල 127ක් සහ ඩ්‍රෝන ප්‍රහාර 109ක් එල්ල කර ඇති බවයි.
කෙසේවෙතත් ඉන් මිසයිල 102ක් සහ ඩ්‍රෝන යානා 99ක් යුක්‍රේනය විසින් බිම හෙලූ බවද යුක්‍රේන ගුවන් හමුදා අණ දෙන නිලධාරියා පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
