විනිසියුලාවේ ඉදිරි වසර 6ත් : චාවේස්ගේ ගෝලයාටම

විනිසියුලාවේ ඉදිරි වසර 6ත් : චාවේස්ගේ ගෝලයාටම

වෙනිසියුලාවේ පසුගියදා පැවති  ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට එරට වත්මන් ජනාධිපති නිකලස් මදුරෝ සමත්ව ඇත.

එහිදී ප්‍රකාශිත ජන්ද සංඛ්‍යාවෙන් 67.7%ක ප්‍රතිශතයක් ලැබීමට මදුරෝ සමත්ව ඇති අතර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ හෙන්රි ෆෝල්කන් ලබා ඇත්තේ ප්‍රකාශිත ජන්ද ප්‍රමාණයෙන් 21.2% ක ප්‍රතිශතයක් පමණි.

එහෙත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙවර පැවති වෙනිසියුලානු ජනාධිපතිවරණය සඳහා ජන්ද දායකයින් අතර ඉතා අඩු උනන්දුවක් පැවති බවත් එහෙයින් සමස්ථ ජන්ද ප්‍රමාණයෙන් ජනාධිපතිවරණය සඳහා ජන්දය ප්‍රකාශ කර ඇත්තේ 46%ක් පමණ කුඩා ප්‍රතිශතයක් බවයි.

එසේම විපක්ෂ දේශපාලන කොටස් මැතිවරණය වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා ගෙන ගිය ප්‍රචාරයද මැතිවරණයේ  ප්‍රකාශිත ජන්ද වල අඩුවීමට බලපෑ බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වුවත් 2019 වසරේ සිට මදුරෝ ජනාධිපතිවරයාගේ නව ධූර කාලය ආරම්භ වන අතර එය වසර 6කට බලපවතවෙයි.

සිය ජයග්‍රහණය සම්බන්ධව අදහස් දක්වමින් මදුරෝ සඳහන් කර ඇත්තේ විපක්ෂ දේශපාලන කොටස් තමන්ව අවතක්සේරු කළත් එය පරාජය කරවන්න කටයුතු කල තම ආධාරකරුවන්ට ප්‍රශංසා කරන බවය.

එසේම ඉදිරි වසර දෙක තුළ තවත් කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවත් සඳහන් කළ මදුරෝ කෙසේ වුවත් තම ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන සටන්පාඨය වූ "ආහාර අර්බුදය කඩිනමින් විසඳීම" වෙනුවෙන් කැපවෙන බවද සඳහන් කර ඇත. එසේම තම ජයග්‍රහණය ඓතිහාසික මෙන්ම වාර්තාගත ජයග්‍රහණයක් බවත් එය ආරක්ෂාකර ගැනීමට කැපවෙන බවද ඔහු පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න