අවධානයෙන් ඉන්න : මීළඟ වසංගතය "නිපා"

අවධානයෙන් ඉන්න : මීළඟ වසංගතය "නිපා"

වවුලන් ඇතුළු සත්ව විශේෂ කිහිපයක් වෙතින් මිනිසාට බෝවන වසංගත රෝගයක් වන නිපා (nipah) වෛරසය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ අවධානය යොමුව ඇත.

මීළඟට මිනිසුන් අතර පැතිර යන වසංගතය බවට නිපා පත්වීමේ අවධානමක් ඇති බැවින් ඒ පිළිබඳ සැළකිලිමත් වන ලෙස ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකට දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

මෙම නිපා වෛරස් රෝගී තත්ත්වය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් සොයාගෙන ඇති අතර මේ වන විටත් ඊට ගොදුරුවූ 9 දෙනෙකු මියගොස් 25කට අධික පිරිසක් අසාධ්‍යව සිටින බවද වාර්තා වෙයි.

මෙම වෛරසය සඳහා මෙතෙක් නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොතිබීමත් රෝගය වැළඳුනු පුද්ගලයින් අතුරින් 70%ක් මියයාමේ අවධානමක් පැවතීමත් හේතුවෙන් නිපා වඩාත් හානිකර බලපෑමක් සිදුකරන බව වැඩිදුරටත්  වාර්තා වෙයි.

Global NiphaandHendraRisk 20090510

Nipah virus confirmed in kerala

nipa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න